(නිමල කොඩිතුවක්කු)
ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා වන ‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසලින් හෙට (01) පෙරවරු 6.30 ට ආරම්භ වේ.
‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහර කලූතර, ගාල්ල, මාතර නගර පසුකරමින් පළමු දිනයේ දී දෙවිනුවරින් අවසන් කිරීමට නියමිත අතර හෙට (02) පෙරවරු 7.30ට තංගල්ල නගරයේදී පැවැත්වෙන විශේෂ වැඩසටහනකින් පසුව කතරගම දේවාලයේ දේව පූජාවට සහභාගී විමට නියමිතය.
රිය පෙරහර මොණරාගල හරහා මහියංගනය රජමහා විහාරස්ථානයට පැමිණීමෙන් පසුව ඊට සහභාගී වන පිරිස අධිෂ්ඨාන පූජාවක් පවත්වා දෙදිනක් පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඬ නැගීමට නියමිතය.
COMMENTS
කොහොමද පාරක් පාරක් ගානෙ මෙලෝ සිහියක් නැතුව ඇවිදින ඇවිදිල්ල....
ඔයාලගේ යුක්තිය අපි අත්විදලා තියෙනවා 88/89 ගණන්වල.
යුක්තියේ යාත්‍රාව නේද? මේවට කොහෙන් හිනා වෙන්නද? මහබැංකු කොල්ලය ගැන විතරක් හිතලා බැලුවම තේරෙනවා කරපු යුක්තියේ තරම. රාජ්‍ය දේපල විකුණපුවා, රට පාවාදෙන්න ගහපු ගිවිසුම්, ලාභ ලබන බැකු සහ වෙනත් රාජ්‍ය දේපල විකිණීමට සැලසුම් කිරීම සහ තවත් නොයෙක් දේ තියෙනවා.
පාවෙලා යන්න ඉන්න සමනළයින්ට මොන යාත්‍රාද මහත්තයෝ... දැන්ද තමුන්නාන්සේලාට පුදබිම්, පූජනීය ස්ථාන මතක් වුණේ...? නැති බලයක් රැකගන්න දඟලන දැඟලිල්ලක්, මේවා රටේ ජනතාවට ආදරයටද කියලා දැනගන්න කැමතියි.
අැයි කොළඹ එන්නේ? යන්නකෝ අර පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඝාතනය කරපු පැත්තට... ඔක්කොමලා රෙද්ද උස්සන් එන්නේ කොළඹ තමා.