(සුජිත් හේවාජුලිගේ සහඅංජුල මහික වීරරත්න)

රටේ වසංගතයක් තිබෙන අවස්ථාවක වරාය නගර වැනි පනත් ඉදිරිපත් කිරීම රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළා වැනි ක්‍රියාවකැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අදහස් දක්වමිනි .

රටේ අර්බුදයක් ඇති අවස්ථාවක මෙවැනි පනත්ඉදිරිපත් කිරීම අශෝභන ක්‍රියාවකැයිද ඔහු පැවසුවේය.