(නිමන්ති රණසිංහ)
"මා හොඳින් මා ගැන සොයා බලා මට ඉක්මන් සුවය පැතුවූ ඔබට බොහොම ස්තුතියි.."
කෝවිඩ් රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හිටපු මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සිය මුහුණු පොත ඔස්සේ තමන් සුවෙන් බවට ප්‍රකාශයක් සටහන් කර ඇත.
"මට දැන් හොඳයි. තව දවස් තුන හතරකින් යන්න පුළුවන් කිව්වා. මට අමාරුයි කියලා කියල වෙන කෙනෙකුගේ ෆොටෝ එකක් දාලා තිබ්බා. මට ඉක්මන් සුවය පතල දාලා තිබ්බා. ඒකට සතුටුයි..." යනුවෙන් ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තම මුහුණු පොතේ එසේ සටහන් කර තිබේ .
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් ඡායාරූපයක් සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය පුවත සහ එම ඡායාරූපය ව්‍යාජ එකක් බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය ද ඊයේ (25) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි .
COMMENTS
ඔබතුමාට අසාධ්‍යයි කියා සමාජ මාධ්‍යවල පොටෝ දාපු කෙනාට සැලකුවොත් හොඳයි නැවත එහෙම වැඩ නොකරන්න.
මෙයාගේ නිරෝධායන නීතියි ඔක්කොම පොඩි මිනිහට විතරයි.
ඉතා ප්‍රසන්න මහත්මයෙක්. හදවතින්ම සුවය ප්‍රාර්ථනා කරමි.
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔහු සුවය ලැබීම ගැන දෙවියන්ට ස්තූති වේවා.!
ඔබවගේ නිහතමානී ගුණ ඇති යහපත් අයට බය වෙන්න දෙයක් නැහැ.
ඉක්මනට එන්න ප්‍රකාශ නිකුත් කරන්න.
ඉතා සතුටුයි. හැමෝම ඔබතුමාට සුව පැතූ අතර අර බොරු පෝස්ට් හදපු එක්කෙනාගෙ පරමාර්ථය මොකක් වුනත් ඔබ වැනි යහපත් කෙනෙක් වෙනුවෙන් රටම දුක් වුනු බව හැමෝම දැනගත්ත. ලංකාවෙ හොඳ අය හුඟක් වුනත් දරා ගන්න බැරි සමහරෙක් තානාපති පත්වීමක් දී වෙන රටකට යවයිද දන්නෙ නෑ. එහෙම කලොත් රටට තමා පාඩු.
කාට හරි මෙතුමව අවුල් නම්, කවුරුහරි මෙතුමට ගරහනව නම්, ඒ්ක ඒහෙම කරන අයගේ අවුලක් මිසක් මෙතුමගෙ අවුලක් නෙවෙයි. කවුරුහරි මෙතුමට අපහාස වෙන දෙයක් කියනව නම් කරනව නම් ඉතින් කිසිම සැකයක් නැහැ ඒ් පුද්ගලයා රටටම අවුල් චරිතයක් විය යුතුයි.. ඔබතුමාට ඉක්මන් සුවය පතමි...
හොඳ චරිතයක් නිසා මෙතුමාට ඉක්මන් සුවය පතනවා.
පොලිස් නිලධාරියෙකුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්න මැලි වෙන ජනතාව පවා ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කලා. ඒ වගේම ඔබටත් යුතුකමක් තියෙනව මාධ්‍ය ප්‍රකාශක විදියට ඇත්ත ඇති හැටියෙන් ඔබ වෙනුවෙන් දුක් වුණු මිනිස්සුන්ට දැනුම් දෙන්න. ඔබ තව දුරටත් දේශපාලනික මගපෙන්වීම් මත කටයුතු නොකරයි කියන බලාපොරොත්තුව ජනතාව ළඟ තියනවා.