
(ඩයනා උදයංගනී)
කෘෂිකර්මාන්තයට, ගොවියාට හිරු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නා තෛපොංගල් දිනය මෙවර සමරන්නේ කෘෂිකර්මාත්නයටත්, ගොවිජනතාවටත් දෙවියන්ගේ පිහිට අවශ්‍යම මොහොතක යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රටේ සිංහල, දමිළ සියලු ජන කොටස්වල හිත් දිනාගත් සහෝදරත්වයෙන් කටයුතු කරන දේශපාලන පක්‍ෂයක් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (12) පැවති තෛපොංගල් දින සැමරුමට එක් වෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් මෙම කටයුත්ත සංවිධානය කර තිබිණි.
මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේ ද පැවසීය.
“අපේ රටේ අපි සෑම කෙනෙක්ම පොදුවේ සමරන උත්සව අතර තෛපොංගල් උත්සවයත් තිබෙනවා. එය හින්දු ජනතාවගේ ආගමික උත්සවයක් වුවත් කෘෂිකර්මාන්තයට හා පශු සම්පත සඳහා හිරු දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්නා මෙම උත්සවය අප කාටත් වැදගත්. සිංහල බෞද්ධ සංස්කෘතියත්, දමිළ හින්දු සංස්කෘතියත් අතර ඉතා දීර්ඝකාලීන සම්බන්ධතාවයක් තිබෙනවා. මගේ දේශපාලන ජීවිතයේදී පොළොන්නරුවේ සිටින දමිළ ජනතාවත් සමඟ දීර්ඝ කාලයක් තෛපොංගල් උත්සවයට සහභාගී වී තිබෙනවා. කෘෂිකර්මාන්තයට ගොවියාට ගවයාට ආශීර්වාදය ලබාගන්නා මේ මොහොතේ අපේ කෘෂිකර්මාත්නයටත්, ගොවිජනතාවටත් දෙවියන්ගේ පිහිට තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ රටේ සිංහල, දමිළ සියලු ජන කොටස්වල හිත් දිනාගත් සහෝදරත්වයෙන් කටයුතු කරන දේශපාලන පක්‍ෂයක්.” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ඇමති මහින්ද අමරවීර, පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උප ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ සහෝදරයා නිසා පාරිභෝගිකයින්ට දෙවියන්ගේ පිහිට ඕනෑවෙලා තිබෙනවා...
අනේ යන්න මහත්තයා නිකන් සුදුලූනු පුච්චන්නේ නැතුව.
දෙවිවරු බොහොමයි මොන දෙවියාගෙන්ද පිහිට ඉල්ලන්නේ?
දැන් ලංකාවේ වී ගොවියන් රවට්ටන්න හදනවා !!!