(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
‘දිස්ත්‍රික් සම්බන්ධීරණ කමිටුවේ තීන්දු තීරණ වෙනස් කරන නපුංසකයෝ ඇති. මතක තියා ගන්න අපි නපුංසකයෝ නෙවෙයි. අපි පිරිමි. මට මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ.කොහොමත් මම අවුරුදු තුන හමාරක් මේවා නැතුව හිටියා‘ යැයි අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (08) මාතර දී පැවසීය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත් වූ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඔහු ඒ බව ප්‍රකාශ කළේය.
අකුරැස්ස නගරයේ තහනම් කරන ලද ඉන්ධන පිරවුම් හලකට යළි බලපත්‍රය ලබාදීමට අත්සන් කර තිබේදැයි බුද්ධික පතිරණ මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියාගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් මධ්‍යම පරිසර අධිකාරියේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් සීක්කුබදු මහතා කියා සිටියේ ඒ ගැන මෙතැනදී කිව නොහැකි බවත් ඉහළ අධිකාරිය විසින් බලපත්‍රය දීම ගැන තීරණය ගෙන ඇති බවත්ය.
ඒ සමගම ආවේගශීලී වූ බුද්ධික පතිරණ මහතා මෙසේ ද කීවේය.
“ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතියකින් තොරව අකුරැස්ස නගරයේ නිල්වලා ගඟ ආසන්නයේ ඉන්ධන පිරවුම්හලක් දාන්න යළි ඉඩ දෙන්නේ නෑ කියලා අපි තීන්දුවක් ගත්තා.
කලින් ෂෙඩ්කාරයා කීවා. ඕනෑම කොන්දේසියකට යටත් වෙන්නම්. එතැන ආරම්භ කරන්න ඉඩ දෙන්න කිව්වා. එතකොට අපි කිව්වා, කිසිම කොන්දේසියක් යටතේ එතැනට අවසර දෙන්නේ නෑ කියලා.ඔයා පිටි පස්සෙන් ඇවිත් ගෙදරට ඇවිත් අපිව හම්බ වෙන්න එපා කියලා.ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අනුමත කලොත් විතරයි ආයිත් ගන්න පුලුවන් කියලා.
දැන් මොන විදියකට ද ඔබතුමාලා ලියුමක් අත්සන් කරලා තියෙන්නේ.පරිසර අධිකාරියේ තමුන්නාන්සේ අවසරය දෙන්නේ නැතිව ප්‍රාදේශීය සභාවේ අනුමැතිය දෙන්නේ නැතිව බෑනේ ඒක කරන්න.ඉහල කලමණාකාරීත්වය එහෙම කොහොමද තීරණ ගන්නේ.
මම හෙට උදේ මධ්‍යම පරිසර අධිකාරියේ ඉස්සරහ බිම වාඩි වෙනවා.මට මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ.ඒක මතක තියා ගන්න.
හෙට වාඩි වෙනවා.බුද්ධික පතිරණ මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට.ඔය ගොල්ලන්ගේ එතැන ඉන්න ලොක්කන්ට කියන්න.හෙට මාව උදේ ගෙන්න ගන්න එපා කියලා.
මට මේක ලොකු නෑ.මම කොහොමත් අවුරුදු තුන හමාරක් මේවා නැතුව හිටියේ.ඒ නිසා බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් මට මේවා ලොකු නෑ.හෙට මාව ගෙන්න ගන්න එපා.මේක නවත්ත ගන්න කියන්න.එච්චරයි.ඒක ආයේ දෙකක් නෑ.
මේ අපි නපුංසකයෝ නෙවෙයි.මෙහෙම තීන්දු ගන්න නපුංසකයෝ ඇති.මතක තියා ගන්න.අපි පිරිමි.අපි නපුංසකයෝ නෙවෙයි. මම තීන්දුවක් ගත්ත නම් ඒ තීන්දුව තීන්දුවමයි.
මම නපුංසකයෙක් නවෙයි.තීන්දුව සැරින් සැරේ වෙනස් කරන්න.මට වැඩක් නෑ ෂෙඩ් එක ගන්න මිනිහගේ දේශපාලනය.හැබැයි ෂෙඩ් දාන්න බැහැ.නිල්වලා ගඟේ වතුර තමයි මෙතන ඉන්න සේරම බොන්නේ.මොකා මොන පාටින් තීන්දුව ගන්න කීවත් කොල පාටින් කීවත් නිල් පාටින් කීවත් කවුරු ගන්න කීවත් ඒ තීන්දුව වැරදියි.එච්චරයි කතාව.
කැබිනට් ඇමතිවරයෙක් එතන ඉස්සරහ වාඩි කරවා ගන්න එපා කියන්න.
ඒක ජනාධිපතිතුමාටත් හොද නෑ.ජනාධිපතිතුමා යටතේ තියන ආයතනයක්.ඒක නිසා මේක වෙන්න බෑ.මෙතන බෑ.ඩීසල් ලීටර් දොලොස් දාහක් ගඟට දාලා තවත් වතුර පොවන්න බෑ.එහෙනම් මම මොකටද මේ තනතුරේ ඉන්නේ.මම විසුරුවනවා.මම අස් වෙනවා.නෑ මම අස් වෙන්නේ නෑ.මම අස් වුනොත් ආයේ වෙන බල්ලෙක් දාගෙන මේක කරයි.ඒක කරන්නේ නෑ.ඉල්ලා අස් වෙන්නේ නෑ.
අකුරැස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති මම.මගේ තීන්දුවට පිටින් වැඩ කරන්නේ කොහොමද?ඒ නිසා මට උත්තර එපා.දැන් කතා කරන්න.සභාපතියටයි.සාමාන්‍යාධිකාරියටයි. ඒ දෙන්නට කියන්න.හෙට මාව ගෙන්න ගන්න එපා කියලා. මට ඔබතුමාගේ උත්තර එපා.මාතර මිනිස්සුන්ට වහ පොවන්න තෙල් පොවන්න.ඉන්ධන ලීටර් දොලොස් දාහක් ගඟට දාලා” යැයි ද ඒ මහතා පැවසීය.
COMMENTS
අපගේ බදු මුදල් වලින් යහමින් ජීවිකාව ගෙන යන මේ මහජන නියෝජිතයා ඇත්ත කතා කිරීම පිලිබදව අප සතුටු වන්නෙමු.
මේවා මේ මාධ්‍ය සංදර්ශන. බොරු සංදර්ශන නැතිව කෙලින්ම පරිසර ඇමතිට කතා කරා නම් ඉවරනේ.
කැබිනට් ඇමතිකම නම් වටිනවා. බලු රෝම කුපයක්වත් නොවටින්නේ එම නිලය දරන ඇමතියායි.
අහිංසක නිලධාරියාට බැනලා බයිලා කියලා වැඩක් නැ. කෙලින්ම අදාල පාලකයන්ට වැදගත් විදිහට මේ දේ ගැන කතා කරලා තමන්ගෙ ස්ථාවරය ප්‍රකාශ කරන්න.
අපිට ඕගොල්ලෝ ඔක්කොම වටින්නේ නැත.
ඔබතුමාගේ කටේ මසුරන් දාන්න ඕනේ ඇත්ත කතාකලාට.
මේ උන්නැහෙත් එක දෙස්පාලුවෙක් විතරයි මේකත් සංදර්ශනයක් වෙන්න පුළුවන් උන්නැහේගේ අතීත ක්‍රියාකාරකම් දිහා බලන්න.
රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය නිලධාරීන්ට සැර පෙන්නලා හරියන්නේ නැහැ. එම නිලධාරියා තම සීමාව තුල දුන්න පිළිතුර අද කාලේ හැටියට ඉතාම නිවැරදි බව පෙනෙන්නේ. මේ සිද්ධියෙන් පෙනෙන්නේ ඔබගේ උපාය මාර්ගික දැනුම මදි බව. කරුණාකරලා පරල වෙන්නේ නැතිව හිමින් නියමිත අමාත්‍යවරයාට කතාකරල විසඳුම් හොයන්න.
මේවා නම් නියම මාධ්‍ය සංදර්ශන තමයි. ඔච්චර උවමනාවක් තියනවනම් කෙලින්ම කතා කරනවනේ ජනාධිපතිට නැතිනම් අගමැතිට. බොරුවට පහල නිලදාරීන් අල්ලාගෙන කෑ ගහනවා.
අද ඔහොම කතා. හෙට "මම එහෙම කිව්වෙ නෑ" කියයි. ඔන්න ඕකයි දේශපාලන
අපි දන්නවා ඔබතුමා හොද අවංක මහත්මයෙක්, නමුත් හොරු රංචුවක් එක්ක ඉන්නේ .
බල්ලන්ට අපහාස නොකරන්න
අද අවංකව වැඩ කරන අයට තැනක් නැහැ. මෙතුමාට වැඩ බලන ඇමතිකම් දුන්නටත් අගමැතිගෙන් අකමැත්තක්...
ඇමතිකමට වඩා අද බල්ලාගේ වටිනාකමක් ඇත. එත් එදා ඇමතිවරු එහි වටිනාකම රැක්කා. මම දන්නා ඇමති කෙනෙක් උන්න දකුණු පළාතේ. හුඟ දෙනෙක් අහලත් ඇති. එතුමා උදේ හවස පාර්ලිමේන්තුවට අවේ ගියේ දුම්රියෙන් කොළඹ සේවයට යන එන රජයේ සේවකයෝ එක්ක එකට ඉඳගෙන නොයෙකුත් කතා කියමින්. එතුමා පසුව අගමැතිත් උනා. එත් අද ඇමති කෙනෙක් එක්ක එකට ඉඳගෙන යනවා තියා කතා කරන්නවත් කාටද පුළුවන්. ඇමතිකම ගත්තට පස්සේ තමන් ඉන්නේ කොහෙද උන්නේ කොහෙද කියලවත් මතක නැතිවීමේ විපාකය තමයි ඔය . දේශපාලකයින් ජනතාව ලඟට ගියොත් ජනතාව ඔබ රකිවී.
ඒ උනාට බලු මැක්කා වගේ එල්ලිලා ඉන්නවා..නේද?
අපිට වටින්නේ නැත...
එතුමා එතන වාඩි වෙලා හිටියහම ඒ මිනිස්සු ඕක හදන එක නවත්තයිද? නැගිටලා ගිය ගමන් ආයේ පටන් ගනීවි.