(අංජුල මහික වීරරත්න)

වෙවර මුං ඇට අස්වැන්න මිලදී ගැනීම සඳහා දිසාපතිවරුන්ට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි  බවට ගොවීන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කීරිමෙන් පසු මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් ⁣කළේය.

මොණරාගල , හම්බන්තොට හා රජරට ප්‍රදේශවල මුං අස්වැන්න මේ දිනවල නෙලමින් පවතින අතර මෙවර අස්වැන්න වෙනදාට වඩා සරු බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

වෙළඳපොලේ පවතින මිල ගනන් ගණන් අනුව  මූං අස්වැන්න මිලදී ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.