(රංජන් කස්තුරි)
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1,000 ක පමණ මුදලක් වැය වනු ඇතැයි මැතිවරණ කොමිසම ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමාන්‍යයෙන් රුපියල් කෝටි 700 ක පමණ වියදමක් මුලදී අපේක්ෂා කළ ද කොවිඩ් 19 පාලනය කිරීමට සිදුවීම හා සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීම නිසා එම වියදම රුපියල් කෝටි 1,000 දක්වා පමණ වැඩි විය හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරු කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූහ.
මැතිවරණය සඳහා යන වියදම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට පවසා තිබේ.
සාධාරණ හා අපක්ෂපාතීවත් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලවත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව එහිදී ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට පවසා ඇත.
COMMENTS
225 තෝරාගන්නට ඡන්දය තියලා.... කරපු ගොන් කම වටහා ගන්නට බලපං ගැන ලා... කෝටි දහස..... බෙදපං 225 යොදලා.. ඔබට තේරුණාද කළ පාඩුව දුරදිග නොබලා..
මේ තරම් විශාල මුදල් සම්භාරයක් ජාතික ධනයෙන් වැයකොට පාර්ලිමේන්තුවට තේරෙන්නේ මොනතරම් වටිනා ප්‍රඥාවන්තයින්ද? අනේ අම්මපා... කියලා වැඩක් නෑ.
අපි දුප්පත් රටක් නිසා ඊළඟ ඡන්දයට කළින් අපේ සියලු විද්වත්හු සමග පුලුල් සාකච්ඡා මෙම මැතිවරණ වියදම 50%කින් අඩුකර ගන්න වැඩපිළිවෙළකට පැමිණිය යුතුයි. දැනට යන කෝටි 1000 අපිට දරන්න අමාරුයි... ජනතාව මත තවත් බදුබර පටවනවා. තවත් අපි ලෝකෙට ණය වෙනවා.
කාල වරෙන්කෝ ඉතින්... දිනන අයට නම් හතර මහා නිධානයටත් වැඩි දේවල් පහළවෙයි. එ්කනේ බලය ඉල්ලන එකේ ඒකායන අරමුණ... ඡන්දෙ දෙන උන්දැලාට තමයි...