( තුසිත කුමාර ද සිල්වා)
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය දී බේරුවල පත්තේ කඩේ මැණික් වෙන්දේසි පොලේ මහමග ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටි ව්‍යාපාරිකයින් දසදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය අද (19) පැවසීය .
මෙම පිරිස සාමාන්‍ය දින වල මෙන් ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති අතර පොලිසිය කළ අවවාද නොසලකා හැරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගත් බව කියයි .
අත්අඩංගුවට ගත් පිරිස කළුතර අධිකරණ ට ඉදිරිපත් කිරීමට නියමිතය .බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත රථවාහන ස්ථානාධිපති සුරංජිත් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නිරෝධායන නීති උල්ලංඝනය කළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd