(ඩයනා උදයංගනී)
ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අනිද්දා (24) පස්වරු 5.00 ට එළිදැක්වීමට නියමිතය.
ජාතික ආරක්‍ෂාව, ගැමි ආර්ථිකය නගා සිටුවමින් දේශීය ආර්ථිකය නැංවීම, අධ්‍යාපන කුසලතා සහ මානව සම්පත් සංවර්ධනය ආදී අංශ රැසක් යටතේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කර ඇති බව ජාතික ජනතා ව්‍යාපාරයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සහ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ද මෙම අවස්ථාවේදී අදහස් දැක්වීමට නියමිතය.
COMMENTS
මෙලෝ ප්‍රතිපත්තියක් නැති අඩුමගානේ තමා ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ මොකටද කියලා තමන්වත් නොදන්නා මෙවැනි අයට දෙන ජන්දය හොදයි දෙමළ සන්ධානෙට දෙන එක. මොකද එවුන් කෙලින්ම රට බෙදන්න කියලා කියාගෙනමයි ඉල්ලන්නේ. ඒකට මේගොල්ලෝ රටට කියන්නේ එකක් ඒත් ඇතුලෙන් දුවන්නේ වෙනම න්‍යාය පත්‍රයක්. ඒ කොහොම නමුත් මේ රටේ බුද්ධිමතුන් ප්‍රතිපත්තිගරුක කියූ දේ කල නායක ගෝඨා වටා රොද බදිමින් සිටිනවා පැහැදිලිවම දකින්න ලැබෙනවා.
මේ රට වැටී තිබෙන ( දුෂිත දේශපාලුවන් විසින් නැත්තටම නැතිකොට තිබෙන ) අන්ත අසරණ තත්වයෙන් ගොඩ ගැනීමට ඔබතුමා ඇතුළු නාගානන්ද,කොලොන්නේ,විජේසිංහ,පල්ලෙවත්ත,.. ඒවගේම " අනුර කුමාර දිසානායක " ඉසුරු සුබසිංහ ...වැනි විකල්ප ධාරාවේ සියලුම පක්ෂ එකතුවී ගොඩනගන ශක්තිමත් සන්ධානයට මගෙන් සුබ පැතුම්..!!! ඉදිරි සති 3 තුල ශ්‍රී ලංකාවේ දේශපාලන " ඇරිනාවේ " මෙතෙක් නොවූ විරු දේවල් සිදුවේවි...
විජිත් ඔබ නගානන්දට සුබ පතන්න ඉස්සෙල්ල ඔහු රටේ මිනිසුන්ගෙන් එකතු කරපු සල්ලිවලට මොකද කරේ කියල හොයන්න. කී දෙනෙක් ඒ දීපු සල්ලි ආපහු ඉල්ලනවද. ඒ වගේම මහේෂ් හමුදාපති කාලේදී පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන ඉන්ටනෙට් එකේනේ දකිනකම් දන්නේ නැත්නම් දැන් විශ්‍රාම ගිහින් ඉන්නකොට රටේ දේවල් මොන විදිහෙන් දැනගනීවි කියලද අපි හිතන්න ඕන?
සෑම්, නාගානන්ද මහත්තයා සල්ලි අරගෙන පැනපු එක ගැන කතා කරන්නේ අනිත් ඉන්න මහත්තයලා අපේ සල්ලි කොච්චර හොරකම් කරලා තියනවද ? ඒවා ගැන කැක්කුමක් ඔයාට නැද්ද ? මන් මේ නාගානන්ද සල්ලි ගත්ත එක සාධාරණිකරණය කරනවා නෙවෙයි. ඒක වැරදියි සම්පුර්ණයෙන්ම. එත් පොදුවේ අපේ සල්ලි හොරකම් කරන අයට ඔයා වචනයක්වත් කියන්නේ නැතුව ඡන්දෙත් එයාලටම දෙන එක නම් සාධාරණිකරණය කරන්න කොහොමත්ම බැහැ.
සෑම්, පාස්කු ප්‍රහාරය ගැන හමුදාපති දැනගෙන හිටියා කියමුකෝ. ඔහුට විසදුමක් ගන්න තනියම එයාට තියෙන බලය මොකක්ද? ඔය බලය තියනවා කියන අය යස අගේට සද්ද වහලා හිටියේ. ප්‍රහාරයෙන් පස්සේ කිව්වේ ලොකුකමට අපි දැනගෙන හිටියා කියලා. ඒකට සද්ද නැත්තේ ඇයි ඔයාලා? එහෙම සද්ද වහලා හිටපු කෙනෙක්ටම නේද ඔය ඡන්දේ දෙන්නේ? අනිත් හැමදේටම කෑගහන කට්ටිය එදා මොකද ඕක වෙනකන් සද්ද නැතුව හිටියේ ? උත්තර හොයන්න ඕනේ ඕවට නෙවෙයිද ? හමුදාපතිට බලය නැහැ හදිසි නීතිය නැති වෙලාවට රටේ නීතියට අත තියන්න. ඔහු ඉන්නේ සේනාධිනායකයාට (ජනාධිපතිතුමා ) යටත්ව. එයා කියන දෙයක් විතරයි කරන්න පුළුවන්. ඕක තේරුම් ගන්න බැරි අය ඉන්නවනේ මෙහේ. එත් කවුරු හරි කියන කතාවකට උඩ පැන පැන ඉන්නේ නැතුව හිතලා තීරණයක් ගන්න.