බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ කවිතා සුබසිංහ
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ලණු සහ ඇඳ රෙදි ආධාරයෙන් බන්ධනාගාර තාප්පයෙන් පළායාමට කළ උත්සාහයකදී තාප්පයෙන් වැටුණු එක් රැඳවියෙකු මියගොස් අද (3) ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
තාප්පයෙන් වැටීමෙන් බරතතළ තුවාල ලැබූ මෙම රැඳවියා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවද, එසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකු බවද මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසා සිටී.
තවද, රැඳවියන් පළායාමට කළ උත්සාහය වැළැක්වීම සඳහා බන්ධනාගාර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඉහළට වෙඩි තැබීමක් සිදුකර ඇතැයිද, රැඳවියන් සමඟ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පොරබැඳීමක්ද සිදුව ඇතැයිද මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ආරංචි මාර්ග පවසයි.
එම පොරබැඳීමේදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවද පවසයි.
2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2500
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට