IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහියංගණය ප්‍රා. ස. ගැටුම නවත්වන්න පොලීසිය කැඳවයි

 

(රංජිත් කරුණාවීර)
 
 
මහියංගණය ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය ලේඛනය දෙවන වර කියවීමේදී අද (08 ) දින වැඩි ඡන්ද  අටකින් (08) පරාජයට පත්විය.

මහියංගණ පොලිසියේ නිළධාරින් රැසකගේ ආරක්ෂාව යොදවා තිබූ පසුබිමක මෙම ඡන්ද විමසුම සිදු විය.
 
මහියංගණ ප්‍රාදේශීය සභාවේ  එක්සත් ජාතික පක්ෂයේ    සභාපති  කරූවීරරත්න මහතා විසින් 2021 වාර්ෂික අයවැය  දෙවන වර ඉදිරිපත් කිරිමේදි මෙලෙස අය වැය පරාජයට පත් වු අතර, අවවැය සදහා විරුද්ධව ඡන්ද 15ක්ද, පක්ෂව ඡන්ද 07ක් ලැබිනි.
 
අය වැය ඡන්දය පරාජයට පත් වීමෙන් පසු සභා භූමියෙන් පිටතට පිරිසක් රතිඤඤා දල්වමින් සතුල ඵල කල අතර, මන්ත්‍රීවරු සියල්ල සභාපතිතුමන්ට විරුද්ධව පොස්ටර් කටවුට් ප්‍රදර්ශනය කරමින් සභා භූමිය ඉදිරිපිට සභාපති ඉතා දූෂිතයෙක් බවත් “සභාපති පන්නමු” යැයි සදහන් බැනර් ප්‍රදර්ශණය කරමින් සුලු වේලාවක් විරෝධතාවයක නිරත වුහ.

 අයවැය ඡන්ද විමසීම දැකබලා ගැනිම සදහා පක්ෂ සාමාජිකයන් හා පක්ෂ ආධාර කරුවන් විශාල පිරිසක්ද එම අවස්ථාව සදහා සහභාගීව සිටියහ.
                          
සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු 07 දෙනාගෙන් 06 දෙනෙකු පක්ෂවද, එක් මන්ත්‍රිවරයෙකු විරුද්ධද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 04න්  හතර දෙනාම විරුද්ධවද, ස්වාධින කණ්ඩායම රයිනෝ ලකුණින් නියෝජනය කරන මන්ත්‍රී 08 දෙනාගෙන්  07ක් විරුද්ධවද, එක් මනිත්‍රිවරයෙකු පක්ෂවද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 03 ම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර සිටියහ.
 
සභාපති  කරූවීරරත්න මහතා විසින් 2019 වර්ශයේ, 2020 වර්ශයේ හා 2021 වර්ශයේ ඉදිරිපත් කරනු ලැබු අයවැය ලේඛනය සියල්ල අඛන්ඩව පරාජයට පත් විය.  2021 අයවැය ලේඛණය පළමු වර ඉදිරිපත් කිරිමේදී ද වැඩි ඡන්ද 07කින් එතුමා පරාජයට පත් විය.
 
සභා භූමියෙන් පිටතට පැමිණි සභාපතිතුමන් හා මන්ත්‍රී කණ්ඩායම් එකිනෙකාට චෝදනා කරමින් පක්ෂ විවේඡනය කරමින් මාධ්‍යට අදහස් ප්‍රකාශ කල අතර විවිධ මන්ත්‍රීවරු ලක්ෂ ගණන් මුදල් ඉල්ලූ බවත්, අල්ලස් ලබාදීමට නිවසට පැමිණි බවත්, සමහර අදහස් ප්‍රකාශ කිරිම්  එක් එක් අයගේ පෞද්ගලික සිද්ධීන් අලලා කරනු ලැබූ චෝදනා හේතුවෙන් එම වචන හුවමාරුවන් ඉතා උණුසුම් තත්වයන් ඇති වු අතර ගැටුම් දක්වා දුරදිලගයෑමට ගොස් පොලිසිය මැදිහත් වීමෙන් සමතයකට පත් කෙරිණි

මන්ත්‍රීවරු හා පක්ෂ ආධාරකරුවන් අතරද ගැටුම් ඇතිවීමට තරම් වචන හුවමාරු උත්සන්න වු අතර පොලිසිය මැදිහත්ව ගැටුම් සමතයකට පත් කෙරිනි.

මහියංගණ ප්‍රා දේශිය සභාව “රයිනෝ“ ලකුණින් තරග කල ස්වාධීන පක්ෂය ජයග්‍රහණය ලැබූ ප්‍රාෙද්ශිය සභාවක් වන අතර පසුව එක්සක් ජාතික පක්ෂය විසින් බලය පිහිටුවා ගන්නා ලද ප්‍රා දේශිය සභාවකි.
 
ඉදිරි දින කිහිපය ඇතුලත මහියංගණ ප්‍රා දේශිය සභාවේ සභා ලේකම් තුමන් විසින්, පළාත්පාලන කොමසාරිස්තුමන් හට මහියංගණ ප්‍ර‍ා දේශිය සභාවේ අය වැය සම්බන්දයෙන් කරුණු වාර්ථා කිරිමත් සමග ගරු ඌව පළාත් ආන්ඩුකාර විසින් සභාවේ සභාපති තනතුර සම්බන්ධයෙන් තීරණයකට එලැබෙනු ඇත.



අදහස් (2)

මහියංගණය ප්‍රා. ස. ගැටුම නවත්වන්න පොලීසිය කැඳවයි

prabha Tuesday, 08 December 2020 12:17 PM

ඔය හරක්ට ඇණගන්න දෙන්න ... මොනවට යනවද ඛෙරගන්න...

:       1       1

Demuni Uduwara Tuesday, 08 December 2020 01:24 PM

අල්ලස් වයිරසයට තවම ඛෙහෙත් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31312 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13515 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 112 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site