(මුදිතා දයානන්ද)
රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා තීරණයක් ගත යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (16) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු මෙසේද පැවසීය.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කිරිම සඳහාත්, ජනතාව විපතට පත්වීම වැළැක්විම සඳහාත් අපි මහමැතිවරණය වෙනුවෙන් රැස්වීම්, ජනහමු, පැවැත්වීම නැවැත්තුවා. ඒ වගේම ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනත් නවතා දැමුවා. එය අප මේ මොහොතේ කළ යුතුම දෙයක්.
එහෙත් මැතිවරණයක් අවස්ථාවකදී මේ ක්‍රියාමාර්ග හැර ජනතාව දැනුවත් කිරිමටත් ප්‍රචාරක කටයුතු සිදුකිරිමටත් වෙනත් මාර්ගයක් අපිට නැහැ. අපිට නෙවෙයි හැම දේශපාලන පක්ෂයකටම මේ ප්‍රශ්නය බලපානවා. මෙවැනි තත්ත්වයක් යටතේ මැතිවරණයක් පවත්වන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මුදල් හදල් ඇති, මාධ්‍ය ඇති දේශපාලන ව්‍යාපාර ඒවා භාවිතා කර යම් ප්‍රචාරක වාසියක් ගනිද්දී ඒ හැකියාව නැති දේශපාලන ව්‍යාපාරවලට ජනතාව අතරට යන්න කිසිම මාර්ගයක් නැහැ.
ඒ වගේම මේ වෙලාවේ ජනතාව තුළත් මැතිවරණ මානසිකත්වයක් නැහැ. ඔවුන් තුළ මේ වෙලාවේ ප්‍රමුඛව තිබෙන්නේ මේ වෛරසය පිළිබඳ හැගීම් පමණයි. මැතිවරණයක් පවත්වන්න පුලුවන්ද කියන හැගීමක් බොහෝ දෙනා තුළ තිබෙනවා. ඒ නිසා හැමෝම අහන්නේ මැතිවරණය පවත්වයිද නැද්ද කියලයි. මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ මැතිවරණ කොමිසමටයි. ඒ නිසා මේ සියල්ල සළකා බලා වහා තීරණයක් ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.
2025 නොවැම්බර් මස 21
109
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
’මහමැතිවරණය ගැන මැතිවරණ කොමසාරිස් තීරණයක් ගත යුතුයි’
පිටිගල මිලානෝ Monday, 16 March 2020 11:41 AM
කලින් තිබ්බත් පරක්කුවෙලා තිබ්බත් ඔයගොල්ලන්ට 1%ත් ෂුවර් නැහැ...
Bandula. Monday, 16 March 2020 12:15 PM
අනේ ලප මල්ලි දැන් ජනතාවට නුඹලාගේ උපදෙස් අවශ්‍ය නැහැ. ජනතාවට ඕනේ කොරෝනාවෙන් බේරෙන්න.. එ් නිසා නුඹලා දැන්වත් බොරුවට පුම්බාගෙන දඟලන්නේ නැතුව හිටියා නම් ලොකු සේවයක්...
chandima Monday, 16 March 2020 01:21 PM
ඔහෙලා කියන්නේ මේ වගේ මහා භයානක ආර්ථික ආපදාවක් වේලාවකදී රට භාරකාර ආණ්ඩුවක් සහ කිසිම බලයක් නැති ජනාධිපති කෙනෙක් යටතේ පවත්වාගෙන යන්න කියලද? මේ අයට අමු කැවිලද මන්දා?
athuraTuesday, 17 March 2020 04:40 AM
ඔය පොහොට්ටුවේ බහුතර අය හිතන විදිහ තමයි.