IMG-LOGO

මහමැතිවරණය කල් දමන්නැයි රජයෙන් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වයිරසයෙන් රට පත්ව ඇති ව්‍යසනකාරී තත්ත්වය ජාතික ආරක්ෂාව ආදී සියලු කරුණු  තේරුම්ගෙන මහමැතිවරණය කල්  දමන්නැයි රජයෙන් ඉල්ලිමක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා පැවැසීය.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් තිබීමට ඇති වාතාවරණය සැලසීම  රජයේත් මැතිවරණ කොමිසමේත්  වගකිමක් වුවත් එම වගකිම හරියට ඉටුකිරීමට රජය අපොහොසත් වී ඇතැයිද  ඔහු සඳහන් කළේය.

ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ  අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව  පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා මෙසේද කීය.

“කොරෝනා වයිරසය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ව්‍යසනයක් බවට පත්වෙලා තියෙනවා.  මේ වගේ ව්‍යසන දිගටම ලෝක ඉතිහාසයේ සිදුවුණා.  ආරක්ෂිත පියවර  අනුගමනය කරමින් අපිට මේ තත්වය වළක්වා ගන්න පුලුවන්කම තිබෙනවා.

මේ කොරෝනා වයිරසය දේශපාලනීකරණය කිරීමට කිසිසේත්ම අපේ බලාපොරොත්තුවක් නැහැ.  කොරෝනා වයිරසය දේශපාලනීකරණය  කිරීමට උත්සාහ කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතාට චෝදනා කර තියෙනවා. අපි ඒ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

මේ කොරෝනා වයිරසය සම්බන්ධයෙන්  ගතයුතු ආරක්ෂිත  වැඩපිළිවල සම්බන්ධයෙන්   සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත්  විශාල හඬක් නැගුවා. නමුත් මේ තත්වය ඔඩුදුවනකම් මේ රජය විධිමත් ආරක්ෂිත වැඩපිලිවලක් ක්‍රියාත්මක කළේ නැහැ.

මේ ප්‍රශ්නයේදී  ජනාධිපතිතුමන්ගේ හෝ අගමැතිතුමන්ගේ ගිණුමට බැරකරලා  අත සෝදගන්න වගකිවයුතු විපක්ෂයක් විදියට අපි සූදානම්  නැහැ. මේ ව්‍යසනය  පාලනය කරගැනීමට  අපිට  දියහැකි උපරීම සහාය අපි රජයට ලබාදෙනවා.

මේ කොරෝනා වයිරසයෙන් එක පැත්තකින් අපේ රට අනාරක්ෂිත වෙනවා. අනිත් පැත්තෙන් සමස්ත අපනයන ආර්ථිකයම කඩා වැටීමේ අවධානමක් තියෙනවා. මේ තත්වයන් හඳුනාගෙන රජය  ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කළ යුතුයි.

ආහාර හිඟයක්  ඇති නොවීමට කටයුතු කිරීම රජයේ වගකීමක්. සල්ලි තියෙන  අය ගිහින් සුපර්මාකට්  එකේ තියෙන බඩුටික ඔක්කොම බදාගත්තා.  අද වෙළඳපොලේ බඩු නැහැ. මුඛ ආවර්ණ නැහැ. විෂබීජ නාහක නැහැ.  කොත්තමල්ලි, වෙනිවැල්ගැට, අත්‍යවශ්‍ය ඖෂධ නැහැ.

දුප්පත්  මිනිස්සුන්ට කන්නනැති වුනොත්  ඒ මිනිස්සු පාරට බැහැලා පාලනය  අතට ගන්නවා. අපි දැක්කා සුනාමි අවස්ථාවේදී මේ වගේ දේවල් වෙනවා. 

සෞඛ්‍ය ඇමැතිතුමිය  චීන කතට  උම්මා දෙනවා අපි දැක්කා. අනිත් අයටත්  ඒ වගේ උම්මා දෙනවානම් ගොඩක් හොදයි.  රජය සංදර්ශන පවත්වන්නේ නැතුව රටත් ජනතාවත් ආරක්ෂා කිරීමේ වැඩපිලිවලක් සකස් කළ යුතුයි.

කොරෝනා වයිරසය නොතිබුණත්  මේක අපේ ප්‍රධානතම  උත්සවයයි. හැම කෙනෙක්ම සිංහල අලුත් අවුරුද්දට අවධානය යොමු කරන කාලයක්. මේ මැතිවරණය තිබ්බ වකවානුව ඉතාම වැරදි වකවානුවක් කියලා අපි කියනවා.

මැතිැවරණ කාලය වනවිට මුද්‍රිත  මාධ්‍ය, විද්්‍යුත් මාධයවල දැන්වීම්  මිල අහස උසට  නගිනවා. රජය මේ ගැනත් අවදානය යොමු කළ යුතුයි. මේ මැතිවරණය  නැවැතත් ධනපතියන්ට ඇති හැකි අයට, සල්ලි කාරයන්ට  පමනක් කරන්න පුලුවන් මැතිවරණයක් බවට පත්වෙලා තියෙනවා.

 



අදහස් (9)

මහමැතිවරණය කල් දමන්නැයි රජයෙන් ඉල්ලයි

Ravi Sunday, 15 March 2020 09:34 AM

මෙයා කව්ද එහෙම කියන්න..?

:       104       66

ජයරත්න Sunday, 15 March 2020 09:44 AM

මේ වයිරසය එන බව දැන දැන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරවීම වැරැද්දක්. තුනෙන් දෙකට පෙරේතකමට රටම අමාරුවේ වැටෙනවා.

:       1012       237

ලැවොයිසියර් Sunday, 15 March 2020 10:02 AM

මඟ හිටියොත් ඔබ නසී. ගෙදර ගියොත් අඹු නසී. කෝකද හොඳ? කාටවත් 113ක් නැහැ.

:       0       28

රජින්ද Sunday, 15 March 2020 10:06 AM

අනිවාර්යයෙන්ම මහා මැතිවරණයක් තබා ස්ථාවර ආණ්ඩුවක් සෑදිය යුතුයි. එහෙම වුණොත් පුළුවන් වෙයි සැලසුම් සහගත රාජ්‍ය පරිපාලනයක් බිහි කරන්න වගකීමක් ඇති අයට රට බාරකරන්න.

:       75       110

කුඹුක්ලෙල්ල Sunday, 15 March 2020 11:17 AM

මෙය රාජපක්ෂවාදීන්ගේ ප්‍රබල මිථ්‍යා මතයක්...

:       0       0

WCA Sunday, 15 March 2020 10:29 AM

එජාපය ඡන්ද කල්දාන්න කප්පිත්තෝ.....

:       106       137

මුණසිංහ Sunday, 15 March 2020 10:57 AM

මෙයා කාෙහොමටත් මැතිවරණයට බයයි. කැපිලා යනවා ස්ථිරයි. සජිත් කතා නොකරන තරමටම හොඳයි. කට අැරියොත් ඡන්ද 1000ත් කැඩෙනවා.

:       6       0

de silva Sunday, 15 March 2020 11:36 AM

දැන් ඡන්දෙ කල් දමන්න බැහැ. ජනපතිතුමාට මේ ගැන සිතන්න තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඉස්සර වෙලා. මුඛවාඩම් දමාගෙන ගුවන්තොටුපලේ නිලධාරීන් රාජකාරි කරනවා නම් මැතිවරණ රාජකාරි කරන රජයේ නිලධාරීන්ට එක දවසක් එ්ක කරන්න බැරි මොකද?

:       0       2

Bamunuarachchi Monday, 16 March 2020 02:50 AM

හලෝ, ඔහෙත් මන්ත්‍රියෙක්... ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අපි වගේම සාමාන්‍ය පුරවැසියෙක් පමණයි. එම නිසා කට පරිස්සම් කරගන්න. මේ සැරේත් අර තීන්දුවම තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site