IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මොහොමඩ් තස්ලින්ට පොලීසියෙන් ලක්ෂ 25ක්

(ඩයනා උදයංගනී)

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධ තොරතුරු සැපයීම නිසා ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් මහතාට එම තොරතුරු ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය රුපියල් ලක්‍ෂ 25ක මුදලක් ලබා දී ඇත.

එම මුදල ඔහු වෙත පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් එම අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරු ද මෙහි වෙති.

 



අදහස් (8)

මොහොමඩ් තස්ලින්ට පොලීසියෙන් ලක්ෂ 25ක්

වීරවිජේ Wednesday, 18 August 2021 04:46 PM

එ් විතරද මනුසත්කමේ ආදරය...? අපෙන් එයාට... කෝටි ගාණක් දෙන්න නම් වටිනවා..

:       0       58

Raveendra Wednesday, 18 August 2021 05:03 PM

ඉතාම හොඳ තීරණයක්... ප්‍රමාද වී හෝ මෙය කිරීම පිළිබඳව අපි අගයන්නෙමු.

:       1       55

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 18 August 2021 05:33 PM

අපේ බුදු පිළිම වහන්සේලා රැකදෙන්නට ගොස් මේ හිතහොඳ මිනිසාට අත්වූ දුක්ඛිත තත්වයට මේ කළ උදව්ව බොහොම වටිනවා. ඒ සඳහා කැපවූ සැමට ස්තූතියි...

:       0       60

කිරි පුතා Wednesday, 18 August 2021 07:05 PM

ඔහුට සැලකීම ඉතා වටිනවා. නමුත් ඔහුව ප්‍රසිද්ධ කිරීම අනතුරුදායකයි ඔහුට.. මොකද අන්තවාදී මානසික රෝගයෙන් පෙළෙන අය හැමතැනම ඇති.

:       2       46

අන්දිරිස්Thursday, 19 August 2021 07:18 AM

කිරිපුතා හරි මෙහෙම කලාම මොහොමඩ්ට මොනා වුනත් එහෙම නොකලොත් ඇමතියාට හෝ පොහොට්ටුවන්ට මනාප වැඩි වීමක් ලැබෙන්නෙ නැහැ. රියන් භාග මොළනේ

:       0       0

damith Wednesday, 18 August 2021 09:58 PM

පොලිසියෙන්ම කියලා පොලිසියම සල්ලි දෙනවා. ඔත්තු කාරයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පොලිසියට හැකියාවක් නෑ

:       0       1

Chamith Perera Thursday, 19 August 2021 04:23 AM

මදි. කාර් ගේන්න කෝටි ගනන් වියදම් කරනවා. ජාතික වීරයෙක් කල දේ වටිනාකම ලක්ෂ 25 .

:       0       1

Bamunuarachchi Thursday, 19 August 2021 09:10 AM

ඔය මිනීමරු ආගම අත්හරින්න හලෝ. පෙනෙනවා නේද ඒ ආගමේම මිනිස්සු තලෙයිබාන් නිසා ඇෆගනිස්තානය දාලා දුවන හැටි? උන් උන්ගේ ආගමේම මිනිස්සු මරනවා. අවිධිමත් ආගමක් .

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site