
(සුජිත් හේවාජුලිගේ )
මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයකු හා සමාන තත්වයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව මහ බැංකු අධිපතිට රජයේ තනතුරු ධූරාවලියේ හිමිවනුයේ පස් වැනි ස්ථානයයි.
විපක්ෂ නායක, කැබිනට් අමාත්‍යධූර සහ ෆීල්ඩ් මාර්ෂල් රජයේ තනතුරු ධූරාවලියේ පස්වෙනි ස්ථානයෙහිලා සැලකෙන සෙසු තනතුරුය.
ප්‍රවීණ ගණකාධිකාරිවරයකුවන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා පත් කෙරිණ.
ඔහු එම තනතුරට පත් කෙරුණු අවස්ථාවේදී කැබිනට් බලතල ඉල්ලා සිටි බව මෙයට පෙර වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ඔය තනතුරු ධූරාවලි හීනමානය කලිනුත් තිබුනා. ඔය කියන තනතුරු ධූරාවලිය අනුව ඉස්සර නිදහස් දින උත්සවයට පලාත් ආණ්ඩුකාරවරුන් එක්ක එකට වාඩි වෙන්න වෙන හින්දා මහ බැංකු අධිපති ලෙස ආපු ආරාධනා මඟහැරල ඒවට සහභාගි වුනෙත් නෑ. මහ බැංකුව නෛතිකවම ස්වාධීන ආයතනයක් කරන එක තමයි හුඟාක් රටවල මුලින්ම කලේ. ඒක කලේ නැතුව මෙයා කලේ මෙයාව පොර කර ගත්ත එක. ඔය කියන කැබිනට් තත්වය තියෙන්නේ මෙයාගේ නිල කාලයට විතරක් නම් ඒක මත පදනම් කරගෙන ගන්න තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඉස්සරහට එන අධිපතිවරුන්ට අදාල නැද්ද?
අම්මෝ ඒ කියන්නේ ඩියුටි ෆ්‍රී කියලා .සිංගප්පුරුවේ සෞඛ්‍ය පහසුකම් ,ඉස්සරහින් පස්සෙන් යන්න කමාන්ඩෝ වාහන ,නෝනට පුද්ගලික ලේකම් වැටුප .අරවා මෙව්වා සේරම ලැබෙනවද ?
ප්‍රවීණ ගණකාධිකාරවරයෙක් , ගිණුම් ලිපිකාරයෙක් දන්නවා ඇති මෙයාට වඩා ගිණුම්කරණය ගැන
බලයට කෑදර තමන්ගේ වගකීමක් හරි හැටි නොකරන මෙවන් පුද්ගලයින් රටටම බරක්
කැබිනට් ඇමති වරයෙකුගේ බලතල ... එතකොට මොළ හතානෝලා නියෝග කරන්නේ තවත් එවැනිම බලතල ඇති කෙනෙකුට නේද ? අනේ මන්දා .. ?
දාල තියන පින්තුරයෙන්ම හිතාගන්න පුළුවන් මොකටද එන්න හදන්නේ කියල
සල්ලි අච්චු ගහලා රට කැවා මදිවටද?
අන්තිමට ඔය ඔක්කොම ජනතාවගේ කරපිට තමා
මුදල් අච්චු ගහන මුද්‍රනකරුවකුට කැබිනට් බලතල දීපු ලෝකේ එකම රට ලංකාව. මෙච්චර බලතල දෙන්න තරම් මෙයා රටට මොනවාද යහපත් වැඩක් කරලා තියන්නේ? මෙයාගේ අතීතය රටට හානි මිස යහපතක් නැහැ. මෙයාට උපරිම කල හැකි මුදල් අච්චු ගැහීම පමණයි. මේ වැඩේ කරන්න මුද්‍රණකරුවෙක් ඇති.
තවත් විද්‍යාත්මක තනතුරු පත් කිරීමක්. රජයේ මුද්‍රණාලයේ අධිපති කරන්න ඕන මනුස්සයව මහ බැංකුවේ අධිපති කරලා.
ඔය තනතුරට අදාලව ඔය වරප්‍රසාද ඇති ද? මදි නම් ජනාධිපති ,අගමැති බලතලත් කතා කරලා ඉල්ලගන්න.රටට වැඩ කරන්නේ මේ තරම් මේ දගලන්නේ. දැන් හෙට ඉදන් සියලු ආර්ථික ප්‍රශ්න නිවාරනයි.මේ කේතුමති නුවරයි.
පවුලක් වටා සැපසම්පත් ලබා ගැනීමේ රාජකීය අණ්ඩුවක් ශ්‍රීලංකාව තුළ පවතින බවට අපි සිතමු.
අම්මපා අපි ආයේ රම්පෙට පොරි හැලෙන්න මාටියා පාර මොළ හතා එක්ක .සන්තෝසේ බෑ
දැන් ඔතනට ගියේ කළු සල්ලි සුදු කරන්න ඇමති බලතලත් තියාගෙන .කොහොමද මොළ හතානෝගේ ටිකිරි මොලේ ?
දැන් ඔක්කොම බල තල තියාගෙන බලමු රටට කරනා වැඩ ටික ..නිකන් කයිවාරු විතරයි සර් ෆේල්
මහ බැංකු අධිපති තනතුර යනු විශාල වගකීමක් මෙන්ම අධික පීඩනයක් ඇති තනතුරක්. එවැනි තනතුරකට මෙවැනි වරප්‍රසාදයක් දීම කිසිම වරදක් නැහැ.
අදහස්වලට ලැබිලා තියෙන ඩිස්ලයික් ටික බැලුවාම තේරෙනවා මෙයාට තියෙන කැමැත්ත කොහොමද කියලා... සල්ලි දීලාවත් කරගන්න බෑ මේවා නේද? අපේ කබ්‍රාල් මහත්තයෝ...
ඇමතියෙක් වුණොත් කරන වැඩ විගණනයක් වෙන්නේ නැහැ කියලා හිතෙනවා... කොහොමද ඒක... මොන දේවල් කරයිද බමුණෝ...?
දැන් බලාගෙන ගියාම මහබැංකුවට විදලා පැනලා ගිය අපේ තුමාගේ සිංගප්පුරු යාලුවත් හිටපු ඇමති කෙනෙක් වගේනේ.?
මෙතුමා ඉහළ පෙලේ ගණකාධිකාරී වරයෙක් කියනවා නේද.?
කොල්ලනේ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නයි. මේ තනතුරත් තාත්තාගෙන් පුතාට යාවි වගේ.?