IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහපොළ ප්‍රමාදවීමෙන් සිසුන් අපහසුතාවක

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ සහ ශිෂ්‍යාධාර මාසික දීමනාව ගෙවීම මාස කීපයක් ප්‍රමාද කිරීම නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනාවෙන් වාරික ගෙවීමේ බලාපොරොත්තුවෙන් බොහෝ සිසු සිසුවියන් ලැප්ටොප් පරිගණක සහ ටැබ් යන්ත්‍ර ආදි අධ්‍යාපනයට අවශ්‍ය උපකරණ ලබාගෙන ඇති බවත් මහපොළ සහ ශිෂ්‍යාධාර නොලැබීමෙන් එම වාරික ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් සිසු සිසුවියෝ පවසති.

කැලණි විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසු සිසුවියන්ට මාස හතකින් මහපොළ දීමනාව ගෙවා නොමැති අතර සෙසු විශ්වවිද්‍යාලවල ද මාස තුන හතරක ප්‍රමාදයක් පවතී.

රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාධාර මුදල් මාස අටකින් ලබාදී නොමැති බවත් සෙසු බොහෝ විශ්වවිද්‍යාලවල අගෝස්තු මාසයෙන් පසුව මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ගෙවා නොමැති බවත් වාර්තා වේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ මහතාගෙන් කළ විමසුකදී පැවසුවේ මහපොළ සහ ශිෂ්‍යාධාර දීමනා ප්‍රමාදය පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සහ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලින් කළ විමසුමකදී නිසි පිළිතුරක් නොලැබුණු බවයි. 

අඩු ආදායම්ලාභී පවුල්වල විශ්වවිද්‍යාල දරුවන්ට මසකට රුපියල් 5000 බැගින් වසරකට මහපොළ වාරික 10 ක් ද, සෙසු දරුවන්ට මසකට රුපියල් 2500 බැගින් වසරකට ශිෂ්‍යාධාර වාරික 10 ක් ද, හිමිවේ. 

 



අදහස් (0)

මහපොළ ප්‍රමාදවීමෙන් සිසුන් අපහසුතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site