චමිල් රූපසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා මහනුවර නගරය පුරා හෙට දින සියලුම වෙළද ව්‍යාපාර වසා දැමිමට තීරණය කළ බව මහනුවර සිංහල වෙළද පෙරමුණේ ලේකම් වජිර කීර්ති මහතා පවසයි.
හෙට දින පෙරවුරු 9.00 ට සිංහල වෙළද පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර මහනුවර සිංහල වෙළද පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් රතන හිමියන් උපවාස කරණ ස්ථනයට ගොස් සහයෝගය දක්වන බවද එහි ලේකම් වජිර කිර්ති මහතා පවසයි.
මේ සදහා ද්‍රවිඩ වෙළද සංගමයද සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව මහනුවර සිංහල වෙළෙඳ පෙරමණේ භාන්ඩාගාරික යසස් චන්ද්‍රෙස්කර මහතා කියයි.
COMMENTS
නියමයි. අපි එකතු වෙලා මේ ගමන යමු. අපි අතර විසඳගන්න බැරි ප්‍රශ්නයක් නෑ. අපි එකතු උනොත් මේ අයව පෝෂණය කරන දේශපාලුවන්ටයි යන එන මං නැති වේවි.
නියමයි ඒකයි වෙන්න ඕන. සන්තෝසයි.
ප්‍රශංසනීය වැඩක්... රට, ජාතිය ගැන සිතාගත් හොඳ තීරණයක්...
හැමදාම රැල්ලට අහුවෙලා විනාශ වෙන්නේ අහිංසකයෝ විතරයි.
මුස්ලිම් මිනිස්සුන්ගේ කඩවල් අරින එකකුත් නැහැ.
මේ නිවට පාලකයෝ පත්වීම නිසා රට විනාස උනා අද මේ රට බෞද්ද රටක් සිංහල රටක් නොවේ කියලත් උන්ම කියනවා. තව ටික කාලයක් මේ නිවට කණ්ඩායම හිටියොත් ජාතියම පවා දෙනවා
කරැණාකර නිවැරදි දිනය පළකරන්න
නියමයි. මුළු ලංකාවම එකතුවෙන්න. දේශපාලුවන්ට බැරි දේ මහජනයාට හැකි බව පෙන්වමු. රතන හිමි, දේශපාලනයට නොපැමිනියානම් මෙය මීට වඩා වෙනස් ලෙස සිදුවන්නට තිබුණි.
උපන් මව්බිමට විනකරන සියල්ලන්ට එරෙහි විය යුතුයි.
මහ ජනතාවගේ ශක්තිය
වැදූ මෑණියත් හැදූ දෙශයත් දිවිහිමියෙන් සුරකිමු.