
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර මහ නගර සභාවේ 2022 වර්ෂ අයවැයට එහි විපක්ෂය වන පොදුජන පෙරමුණ විරුද්ධ නොවුනැයි කියමින් විපක්ෂයෙ මන්ත්‍රීවරයකු තම පක්ෂයේම මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතාට පහර දීම නිසා සභාව දැඩි උණුසුම් කාරි තත්ත්වයක් ඇති විය.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර මහ නගර සභාවේ 2022 වර්ෂය සඳහා වූ අයවැය ඡන්දය විමසීමකින් තොරව සම්මත විය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් (පොහොට්ටුව) පවසා සිටියේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මහනුවර මානකඩ සභාව දැඩි මුදල් අර්බුදයකට මුහුණ පා සිටින බැවින් අයවැයට විරුද්ධ නොවන බව කියා සිටියේය.
ඒ බව සමුප්‍රදායානුකූලව විපක්ෂ නායෙවරයා සභාවට දැනුම් දුන්නේය. විපක්ෂ නායකවරයාගේ කතාවෙන් පසු පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධම්මික පෙරේරා අදහස් ප්‍රකාශ කිරීම සඳහා කාලය ඉල්ලා සිටි අවස්ථාවේ එය සම්ප්‍රදායට පටහැනි බවට දැනුම් දීමත් සමග සභාව දැඩි උණුසුම් විය.
එහි දී පොදු පෙරමුණ මන්ත්‍රී ආනන්ද සනත් කුමාර මහතාට පහරදීමක් සිදු වූ අතර එම මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක්ද කළේය.


COMMENTS
එයාලා එකට හොරකම් කරනවා. එයාල යාලුවෝ. එයාල විනෝද වෙනවා. එයාල නුවරඑලිය මන්ත්‍රී බංගලාවේ එකට නිවාඩු ගත කරනවා. එයාල ඉතින් ඉඳල හිටල පොඩ්ඩක් ගහ ගන්නවා.
ඔය ගහගන්නෙ බොරුවට අපට පේන්න. ඕවට රැවටෙන්න එපා. ඕකතමයි අපි චන්දෙ දීල පත් කරගන්න දේ්‍රශපාලුවන්ගෙ සැබෑ තත්වය. වැරැද්ද අපේ අතේ. අවාසනාවට කවුරුත් ඒක තේරුම් ගන්නෙ නෑ.
තු නෙදකින් මේ වගේ මිනිස්සු.මුන් වැදගත් විදියට හැසිරෙන්න දන්නේ නැති පිස්සෝ ටිකක් .නගරවැසියෝ මුන්ට ගහලා එලවන්න ඕනේ
පොලිසියේ වෙලාව නාස්ති කරන්නැතුව අවවාදයක් කරලා ඉවර කරන්න,
අප්පට සිරි, වාව්! නියම ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කියමන්නේ..