(විනීතා එම් ගමගේ)
මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් සේවකයන්ට කොරෝනා එන්නත ලබා දීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට විරෝධය පලකරමින් එහි සියලු තැපැල් සේවකයෝ ඖෂධ බෙදීමේ කටයුත්තෙන් අද ඉවත් වුහ.
මහනුවර මහ තැපැල් කාර්යාලය ඇතුළු තැපැල් කාර්යාලවල සේවකයන් මෙම විරෝධයට එක්වු බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ලේකම් එච් කේ කාරියවසම් මහතා පවසයි.
මහනුවර තැපැල් සේවකයින්ට කොරෝනා මර්දන එන්නතක් ලබා දීමට පියවර ගන්නායැ දිගින් දිගටම සෞඛ්‍ය බලධාරින්ගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොවූ බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවත් හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd