(අංජුල මහික වීරරත්න)


තමා කිසි විටෙක  එක්සත් ජාතික පක්ෂය හෝ රනිල්  වික්‍රමසිංහ මහතා හැර යන්නේ නැතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී  වඩිවෙල් සුරේෂ්  මාධ්‍ය හමුවකදී පැවසීය.


අරලියගහ මැදුරේදි අද (29) මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කලේ මහින්ද රාජපක්ෂ රජයේ තමා අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින්  දෙමළ ජනතාවට සේවය කළ නිසා කලගුණ සැලකීමට පමණක්  ඔහු  හමුවීමට ගිය බවත්  ඉන් එහා කිසිදු බැඳිමක් නැති බවත්ය.  


තමා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු වු බවට වැරදි ප්‍රචාර ගෙන ගිය මාධ්‍යවලට එරෙහිව නඩු පවරන බවද ඔහු සඳහන් කළේය.

ඡායාරූප - චතුර ඒස්  ෙකාඩිකාර