(නිමල කොඩිතුවක්කු)
මහින්ද රාජපක්ෂ මහතා අගමැති සහ මුදල් ඇමැති වශයෙන් කටයුතු කරන කාලයේ දී රටේ ආර්ථිකයට වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ ආර්ථිකයට සම්බන්ධ සියලූම අංශ වලට උපදෙස් ලබා දී තිබේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු රටේ ආර්ථිකයට සම්බන්ධ සියලූම ආමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වලින් අලූතින් සකස් කළ වාර්තා ජනවාරි මස දෙවැනි දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාරදීමට නියමිතය.
මෙම වාර්තාව බාර දුන් පසු රටේ ආර්ථිකයට අදාළව ගත යුතු සියලූ ක‍්‍රියාමාර්ග පිළිබඳව අග‍්‍රාමාතයවරයා විසින් තීරණ ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට ඉතින් ඕක මහින්දගෙන්ම අහන්න තිබුණානේ... ගොඩක් මිනිස්සු නොදන්නවා වුණාට දෙන්නා අතිජාත මිත්‍රයෝ. අරයා මෙයා අාරක්ෂා කරනවා වගේම මෙයා අරයව ආරක්ෂා කරනවා. 2015 කුමන්ත්‍රණයක් කරන්න හැදුවා කිව්වා.. ඒකට මොකවත් කරේ නෑ. 26ත් කුමන්ත්‍රණයක් වුණා කිව්වා. ඒකත් ඉතින් ඔහොමම යටයනවා...
රනිල්ට ඉතින් ඕක මහින්දගෙන්ම අහන්න තිබුණානේ. ගොඩක් මිනිස්සු නොදන්නවා වුණාට දෙන්නා අතිජාත මිත්‍රයෝ. අරයා, මෙයා අරක්ෂා කරනවා වගේම මෙයා අරයව ආරක්ෂා කරනවා. 2015 කුමන්ත්‍රණයක් කරන්න හැදුවා කිව්වා ඒකට මොකවත් කරේ නෑ. 26ත් කුමන්ත්‍රණයක් වුණා කිව්වා.. ඒකත් ඉතින් ඔහොමම යට යනවා...
බොහෝම හොඳයි.. ඒ වගේම ඔහේගේ කාලෙත් වාර්තාවක් විශේෂයෙන් මහබැංකුවේ හොරකම ගැන, අර්ජුනව ගෙනාවේ ඇයි? ඒ විස්තරත් එක්කම වාර්තාවක් දුන්නොත් හොඳයි. ඔහේගේ ශරීර සෞක්‍යයට... ඔහේ ඒ වාර්තාව දුන්නත්, නැතත් මහජනතාව ගාව තියෙනවා " මහජන මුදල් හොරා කාපු හැමකෙනාගේම" වර්තාවක්ම. නිකන් බබාහුකුම් එපා... හතරට ගැනගන්න බැරි තොත්ත බබාලා....
මෙයාලා වාර්තා හදහද ඉන්නවා. රට වලපල්ලට යනවා.
හිනස්සවන්න එපා යකුනේ...
මම හිතන්නේ ජනතාවට සහන සලසන්නේ කොහොමද කියලා ඉගෙනගන්නද කොහෙද?
හිටපු අවුරුදු තුන හමාරටම නොකරපු ඒවා දැන් කරන්න දඟලනවා. අනේ අපි තොත්තබබාලා කියලද හිතන් ඉන්නේ...? ඔහේත් මේ රටට කරපුව ගැන වාර්තාවක් රටට දුන්නොත් ඒකත් ලොකු දෙයක්.. අනේ අපිට නම් ඔහෙලගෙ මූණූ පේනකොටත් පුදුම සතුටක් ඇති වෙන්නේ. නොදකින්...
ඩොලර් එක රුපියල් 187ත් පැනලා.. ආයේ මොන වාර්තාද? අවුරුදු 3ක වාර්තාවල ප්‍රතිඵල තමයි..
ජම්පරය අන්දවන්නම ඕනේ ...
අපේ දේශපාලකයන් තවමත් ඉන්නේ සෙල්ලම් ගෙවල් හදන වයසකයි. පුංචිකාලේ අපි වරදක් කළාම ඇයි අරයත් කළේ කියා සම කරගැනීමේ උත්සාහයක යෙදුනෙමු. එහෙත් රටක් පාලනය විය යුත්තෙත් එසේමද? කිසිවෙකුට වැරදි නොකිරීමටත්, වැරදි කරුවන්ට නිසි දඬුවම් ලබාදීමටත් ක්‍රමයක් ගැන කිසිවෙකුත් කතා නොකරන්නේ එය තම පංතියේ අවශ්‍යතාවයක් නිසාද යන්න අපට සිතන්නට සිදුවේ. එයාගේ වැරදි මෙයා කියනවා. මෙයාගේ වැරදි එයා කියනවා. අවුරුදු 70ක් අපි මේවා අහනවා හැරෙන්න හිර ගෙදරක දවසක් ගත කළ දූෂිත දේශපාලකයෙක් ගැන අසා නැත්තෙමු...
මේ උන්දෑ රට ගැනවත්, මහා බැංකුව ගැනවත් දන්නා කෙනෙක් නොවෙයි වගේ... රනිල්ගේ රත්තරන් චේන්, බ්‍රේස්ලට් ලැබෙයි ලැබෙයි කියා රනිල් පස්සේ යන කෙනෙක්... මට මතක් වෙන්නේ "පෛඩ් පයිපර් ඇන්ඩ් රැට්ස්" කතාවේ නලා කාරයා පස්සේ ගිය මීයෝ රැළ...
මහින්දලාගේ පවුල්වල සහ බමුණා වැනි දාසයන් හිතවතුන් ඒ අයගේ දේපල උපයා ගත් ආකාරයත් ඒ කාලේ මහ බැංකුව කබ්රාල් යටතේ කොල්ල කාපු ආකාරයත් ඔය ගමන්ම පරීක්ෂා කර බලන්න! මහබැංකු කොල්ලය ගැන ඔක්කොම රහස් පටස් ගාලා එලියට දානවා කියපු ජනාධිපති තුමා අැයි එහෙම කරන්න බය? කරන්න බැහැ. ඔක්කොම හොරු!
මෙය මහින්ද මහතාගේ කුමන කාලයට අදාළදැයි පැහැදිලි නැත. මොහුට කළ යුතුව තිබුනේ 2015ට පෙර කාලය සම්බන්ධයෙන් මෙවැන්නක් කිරීමයි.
මෙය මහින්ද මහතාගේ කුමන කාලයට අදාළ දැයි පැහැදිලි නැත. මොහුට කළ යුතුව තිබුනේ 2015ට පෙර කාලය සම්බන්ධයෙන් මෙවැන්නක් කිරීමයි. එසේ කර ගණන් හිලව් අැතිව රට භාර ගැනීමයි. එසේවුවානම් අවජාතක ප්‍රශ්නවල අයිතිය ජනතාවට දැනගත හැකිව තිබුණි.
සමන්ත මෙන්න පළවෙනි ඡන්ද ප්‍රතිඵලය. ඔය දවස් 52 කුමන්ත්‍රණය අතරතුර මහජන සේවය නිසා සිගිරිය නගින්නවත් වෙලාවක් නොතිබුණු දේශප්‍රේමියෙක් රාජගිරිය ප්‍රදේශයෙන් කෝටි හතහමාරකට මහා මන්දිරයක් අරගෙන ඇති බව සැලවී තිබේ. වැඩිදුර විස්තර ළඟදීම.
රනිල්, මහින්ද, මෛත්‍රී තමන්ට අවාසි වෙනකොට එක් එක්කනාගේ වැරදි හොයනවා. නමුත් කාටත් දඬුවම් දීලා නැහැ.
තවත් සමන්ත වගේ රනිල්ට කඩේ යන අය ඉන්නවනේ.
අවුරුදු හතරකට පස්සෙද මතක් වුනේ? රටේ ආර්ථිකය කාලා දාලා ගොඩ එන්න බැරිම විදිහට. ඔයා තවත් හිටියොත් රටේ ජනතාවට අබ සරණ තමයි.
හලෝ වැඩබැරි බාස්ලා තමයි තමන්ට ජොබ් එකක් පැවරුණාම වැඩේ නොකර අනිකා ගැන සොයන්න කාලය ගතකරන්නේ. 2000 මහින්ද මහතා යුද්ධයකුත් සමග රට බාරගෙන නහයෙන් අඬමින් රනිල් මොනවද රටට කලේ කියා කියා සිටියේ නැත. රනිල්ගේ, චන්ද්‍රිකාගේ හෝ ප්‍රේමදාසගේ යුද්ධ කෙරුවාවල් සෙව්වේ නැත. එජාපයින්ට අවුරුදු 25 සංවිධානය කරගන්න බැරුව සිටි හමුදාව සංවිධානය කරගෙන දකුණේ මිනිසුන්ට නොදැනෙන්න ත්‍රස්තවාදය සමූලඝාතනය කළා. ඒකාලේ බදු ගැසුවේ නැහැ. රුපියල බාල්දු වුනේ නැහැ. අද රටට කරපු වැඩකුත් නැහැ. බදුත් ගහලා දැන් මහින්ද මොනවද කලේ? හොයන්න මුදලුයි කාලයයි කන්න යනවා. ඕවා රටක නායකයෙකුගේ වැඩද? ලැජ්ජයි හලෝ ලැජ්ජයි.
නටන්න බැරි එකා කරන්නේ පොළොවේ ඇදේ හොය හොයා ඉන්න එකනේ.
අපි හිතුවේ රටේ ආර්ථිකයට අදාල පියවර ගත්තේ 2015 මුල්ම කාලේ කියලයි. ඒ කියන්නේ මෙතුමාට හොඳ ආර්ථික දර්ශනයක් තියෙනවා කියලා කියන කතාව මිනිස්සු රවටන්න කියන කතාවක් වෙන්න ඕනෑ.
මහින්ද මුදල් අැමති කාලේ රටේ දරුණු යුද්ධයක් තිබුණා. ඒත් ආර්ථිකය ක්‍රමානුකූලව වර්ධනය වුණා. මහාමාර්ග ඇතුළු රටේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය වුණා. රටේ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා වුණා. සේවක වැටුප් කලින් කල වර්ධනය වුණා. රටේ ණය බර දළ දේශීය නිෂ්පාදියට ප්‍රතිශතයක් ලෙස පාලන මට්ටමක තිබුණා. කුප්‍රකට මහ බැංකු මංකොල්ලය තරමට නො වුණත් දූෂණ සහ මුදල් අවභාවිතාත් යම් මට්ටමකට තිබුණා. මහින්ද මෑත අගමැති කාලේ නම් අවසාන ලක්ෂණය හැර අනෙක්වා නම් නිරීක්ෂණය වුනේ නැහැ. එය ටික දැන දැනත් බොරු කොමිසන් දාලා ආයිත් වාර්තා මොකටද?