IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහින්ද අමරවීර ශ්‍රීලනිප සභාපති තනතුරට ළංවෙයි

(චන්ද්‍රසේන ගමගේ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම ගිය පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙන්නේ මහින්ද අමරවීර මහතා බව බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (10) අගුණකොළපැලැස්සේ පිහිටි මහින්ද අමරවීර මහතාගේ මැතිවරණ කාර්යාල පරිශ්‍රයේ පැවති ශ්‍රීලනිප කාන්තා ක්‍රියාකාරී හමුවක දී කීය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීම සඳහා ශ්‍රීලනිපය සාකච්ඡා වට කිහිපයක්ම තැබුවා. එම සාකච්ඡා සඳහා ප්‍රබල වැඩ කොටසක් මහින්ද අමරවීර මහතා ඉටු කළා. එම සාකච්ඡා වලදී සමහරුන් ගෝඨාභය මහත්තයට උදව් කරන ලෙස ඉල්ලීම් කළා.  තවත් සමහරුන් සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරන ලෙස ඉල්ලීමක් කළා. තීරණය පමා වෙන විට මහින්ද අමරවීර මහතාට පොදුජන පෙරමුණෙන් ඉල්ලීම් ආවා තනියම හරි එන්න කියලා. නමුත් තනි පුද්ගලයෙක් වශයෙන් තීන්දු ගන්න ගියේ නෑ. පක්ෂයක් විධියට තීන්දුවක් අරගෙන ඒ තීන්දුව ක්‍රියාත්මක කළ යුතුයි කියන තැන මහින්ද අමරවීර මහතා හිටියා.

මහින්ද අමරවීර මහතා කොහාටවත් පනින්නේ නැතිව පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළා. එම කැපවීම මත ශ්‍රීලනිපයේ සභාපති ධූරය ඔහුට හිමි වෙනවා  යැයි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (9)

මහින්ද අමරවීර ශ්‍රීලනිප සභාපති තනතුරට ළංවෙයි

Rata Perata Sunday, 10 November 2019 08:25 AM

ඇගෙන් පාන්නේ නැති වුණාට හිතෙන් පැනලා ගොඩක් කල්... මෙයාලත් නායකයෝද පක්ෂ බාරගන්න.

:       0       73

MaheeSunday, 10 November 2019 12:13 PM

සහතික ඇත්ත. කොහොම වුණත් සාම්ප්‍රදායික වමට අත් වූ ඉරණම මේ ගොල්ලෝ ඉක්මණටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලබලා දෙයි...

:       0       25

sirimal Sunday, 10 November 2019 09:15 AM

ගමනක අවසානය. එක පවුලක් ගොඩගන්නට ගන්නා උත්සාහයක් හමුවේ අපේ රටේ දේශපාලන අනාගතයට සිදුවුණු හරිම කණගාටුදායක තත්වයක්...

:       0       155

Chandana Sunday, 10 November 2019 09:57 AM

වෙල්ගම මහතා තමයි එම සභාපති තනතුරට වඩාත්ම සුදුසු...

:       1       173

ලසන්තMonday, 11 November 2019 01:44 PM

ගඟට වැටුණු මිනිහා ඉවුරේ තිබෙන තණකොළ ගසේත් එල්ලෙන්නේ පණ රැකගැනීමටයි. මෙයා පොහොට්ටුවේ එල්ලුනේ බැරිවෙලාවත් පොහොට්ටුව දිනුවොත් ඇමතිකමක් ගැනීමටයි. නමුත් වෙල්ගම මැතිතුමා එතුමාගේ සෘජුබවක් පක්ෂයට ඇති ගරුත්වයත් නිසා බල ලෝභයෙන් කටයුතු කලේ නැහැ. ඒ වගේම එතුමා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්... මේ නිසා සභාපති තනතුරට වඩාත්ම සුදුස්සා කුමාර වෙල්ගම මැතිතුමායි..

:       0       0

de silva Sunday, 10 November 2019 10:38 AM

පක්ෂයට පණ දෙන්න ඕනෑ නම් අනිවාර්යයෙන්ම වෙල්ගමට ඕක දෙන්න..

:       0       115

Lion Sunday, 10 November 2019 11:58 AM

මේ රටට කළ විනාශයට දඬුවම් අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත...

:       0       60

Kumara Sunday, 10 November 2019 01:10 PM

ඔය මහත්තයා ගැන රටේ මිනිස්සු නම් හිතන්නේ මෙයා තරම් කෙනෙක් තවත් නැහැයි කියලයි.

:       0       0

අබිලින් Monday, 11 November 2019 01:07 AM

අවුරුදු 72ක් වෙලත් අපේ රට අපි පුංචි කාලේ කිව්වා වගේ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසටයි සැලකෙන්නේ... අපිට මෙලෙස තවත් බලා සිටින්න බැහැ. මේ රටත් සංවර්ධනය වෙන්න ඕනෑ. දැනට දෙදෙනෙක් සියල්ලම නොමිලේ දෙන්න පොරොන්දු වෙලා අවසන්... පොරොන්දු දේශපාලනය මෙවර අවසන් කරන්න බැරිනම් 2025දී වත් අවසන් කිරීමට වෙනත් පක්ෂයක් දිනවමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site