IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘මහින්ද අගමැති කිරීමට ඕනෑම වෙලාවක ඒකාබද්ධය හා එක් වෙනවා ‘

(ඩි.ජී.සුගතපාල)


මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරිමට තමා හදවතින්ම කැමති බවත් ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටීමට ඕනෑම වෙලාවක සුදානම් බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.


 එමෙන්ම 2020 ත්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි බවත් සඳහන් කළේය.


ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ලේ අද(21) පැවති මාධ්‍ය හමුවකදිය.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ 2015  මැතිවරණයෙන් ලැබුණු බලය කාලකන්නි විදියට පාවිච්චි කරමින් කැබිනට් ඇමති වරුන් නියෝජ්‍ය ඇමතිවරුන් කරන දුෂණ වංචා කොමිස් ගැහැලි නිසා යහපාලන ආණ්ඩුවේ නමටත්  ලැජ්ජාවක් බවයි. 


මේ වැරදි කරපු අයට පුලුවන් නම් දඩුවම් දෙන ලෙස අගමැතිවරයාට අභියෝග කරන බව පැවසු ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් රඳවා ගැනිමට වෙනම දිමනා සහ වාහන දිමට සිදුවු බවත් 2020 ජනාධිපතිවන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් එහිදි  හිස්වන අගමැති පුටුවට රට කරවිය හැකි නායකයෙකු අවශ්‍ය බවත් ඒ සඳහා සුදුස්සා මහින්ද රාජපක්ෂ මහතා බවත් කියා සිටියේය.


කුමාර වෙල්ගම මහතාගේ අදහස තමා අනුමත කරන බවද ඒ මහතාගේ ප්‍රකාශය හරියට හරි බවද  මංගල සමරවිර මුදල් ඇමතිවරයාග් මිල සූත්‍රය මේ ආණ්ඩුව ගෙදර යවන එකක් බවද මුතුහෙට්ටිගම මහතා වැඩි දුරටත් කියා සිටියේය.

 



අදහස් (3)

‘මහින්ද අගමැති කිරීමට ඕනෑම වෙලාවක ඒකාබද්ධය හා එක් වෙනවා ‘

shan saudi Sunday, 21 October 2018 02:01 PM

ඔව් ජනපතිවරණයේදී ජනපතිගේ රැස්වීම්වලට හදපු ස්ටේජ් ගිනි තිබ්බේ නිකන් නෙවේනේ.. යටින් ඉන්නේ වෙන තැනක්නේ.. ඇමැතිකම ගන්න ජනපති එක්ක එක් වුණා මිස හිතවත්කමට නෙවේ කියලා රටම දන්නවා. කොහොමත් එකම තැනනේ ඉන්නේ...

:       2       113

Chandra Sunday, 21 October 2018 04:03 PM

මේ වගේ අය හිටිය කියලා ඉතින් රටට ඇති පලේ කුමක්ද?

:       2       373

janatha anura Saturday, 27 October 2018 04:49 AM

ලැබුණු බලය කාලකන්නි විදියට පාවිච්චි කරමින් කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් කරන දුෂණ, වංචා කොමිස් ගැහැලි අපිට අදාල නැහැ. අපේ පරම්පරාවෙන් අපි යූ.එන්.පී... අපි කැපුවත් කොළ... වැඩි වුණත් ඔය පුටුවේ කොළ පාටින් අපි එයත් එක්ක.. අපේ හැටි එහෙමයි.

:       141       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 871 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 976 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site