(මනෝප්‍රිය ගුණසේකර)
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වැයකර විදේශීය රටකින් ආනයනය කළ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු අරමුණු කරගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අල්ලස් කොමිසමට අවසර දුන්නේය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අමතරව සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාටද එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපතිවරයා අල්ලස් කොමිසමට අවසර දී ඇත.
අල්ලස් කොමිසම අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවැරීම සඳහා මෙලෙස අවසර ලබාදී ඇත.
COMMENTS
නඩු දිනය දැන්වුවාට පස්සේ මේ නඩුව අහන්න ඔය අධිකරණයට බලයක් නැහැ කියලා විරුද්ධතා ගොනු කරනවද, සර්පයෙක් දෂ්ඨ කර ගන්නවාද නැත්නම් සිංගප්පුරු යනවද ?
මෙයාගේ බිරිදම තමයි මෙයා කරපු මහා පරිමාණ හොරකම් FCID එකට පැමිණිලි කලේ ඔප්පු කරන්න පුළුවන් සාක්කිත් ඇතුව. එත් යහපාලන ආණ්ඩුව නඩු ඔක්කොම හැංගුවා.
කම්බ හොරු, තොත්ත බබාලා වගේ අනුන්ට ඇඟිල්ල දික්කරන්නේ !!
නඩු අහල ඉවරවෙලා වැරදිකාරයත් වෙලා හිරෙත් යයි කියලා තමයි බය. අපිට ලංකාවේ අධිකරණය එතරම්ම විශ්වාසයි......!!!
බොරු කිව්වොත්.. කටේ කබර දානවා කියලා අපි අහලා තියෙනවා..
යහ පාලනේට දැන් අවරුදු 5 , හොරුන්ට විරුද්දව නඩු පවරන්න තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ පන අදින කොට , වැඩක් වෙන්නේ නැහැ නඩු දැම්ම කියල මෙයාල ඊලගට බලයට ආවොත් කලින්ට වඩා තෙතුන් ගුණයකින් හොරකම් කරාවි , මෙයාලට ස්වභාව ධර්මෙන්ම දඩුවම් ලැබුනොත් මිස , නීතියෙන් දඩුවන් බොරු
මෙච්චර කාලයක් බොහොම සහයෝගෙන් වැඩේ ඇදගෙන ආව වගේ තව පොඩ්ඩක් ඇදගෙන යමු නේද? කවුද දන්නේ, ලොක්ක ආවොත් ගොඩ නේ.