(රංජිත් රාජපක්ෂ)
2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදු වුවේ යැයි කියන තරග පවාදිම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාල පිටු හයකින් සමන්විත ලියකියවිල්ලක් අද (24) ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණිල්ලක් කළ බව හිටපු ක්‍රිඩා අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ අපෙක්ෂක මහින්දනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදී මෙසේ කීය.
ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් පිරිසක් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලය වෙත පැමිණි පැමිණිල්ල සටහන් කරගෙන ඇත.
මෙම මාධ්‍යය හමුවේදි හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා කියා සිටියේ තමන් කල පැමිණිල්ල කරුණු 24 කින් යුත් පිටු හයකින් සමන්විත වන බවද , එයට අදාල ලියකියවිලි 8 ක් ඇති බව ද ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයට වෙත බාර දුන් බවයි.
ලෝකයේ ටෙස්ට් ක්‍රිඩා කරන රටවල් 12 අතර තරග පවාදිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නම ද ඇතුළත් බවත් , මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස හිටපු ක්‍රිඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා වෙත අන්තර්ජාතික ක්‍රිකට් කම්ටුව විසින් විශේෂ ලිපියක් හරින් ප්‍රනාන්දු මහතා වෙත එවා තිබු බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.
එම තරග පවාදීම සම්බන්ධයෙන් පවතින සැකය සම්බන්ධයෙන් දැනට පොලිස් විශේෂ විමර්ෂණ අංශය මගින් විමර්ෂණයක් ආරම්භ කර ඇති නිසා තවදුරටත් ඒ පිළිබඳ කතා නොකරන ලෙසද අමාත්‍යවරයා සියළු මාධ්‍යයවේදින්ගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
දැන් එහෙම කිව්වේ නෑ කියනවද දන්නෑ...
අපහසුවෙන් ලබා ගත් ලකුණු 272ක්... ඉන්දියාව 31ට කඩුළු 2ක්... ඉන්පසුව ක්‍රමානුකූලව තරගය අත හැරීමක්... එකල තිබූ නීතිරීති වල හැටියට ලකුණු 272ක් පසුකිරීමත් පහසු දෙයක් නොවේ. ඒ මදිවාට අපේ තුන්ඉරියව් සුපිරි ක්‍රීඩකයෙක් අවසන් තරගය ප්‍රතික්ශේප කර තිබුණා නේද!.. ක්‍රීඩාලෝලින් වන අප කලකිරීමට පත්කළ ක්‍රීඩා තරගයක් තමයි ඒ තරගය... එදා පටන් අප ක්‍රීඩා තරග පරදින උපක්‍රම සොයා ගියා.
හිටපු 225ටම මොකක්හරි තමන්ගේ නමේ එක ප්‍රසිද්ධ වෙන්න මාර්කටින් ප්ලෑන් එකක් හදාගන්න ඕනෑකර තිබේ.
මෙයා රටම කෑවා.. එහෙම දෙයක් තිබුණා නම් එම අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ නැතිව දැන් ඉදිරිපත් කිරීමෙන් වෙන්නේ අපේ රටට අවමානයක් මිසක් වෙන කුමක්ද?
මෙදාසැරේ මෙයාව මහනුවරින් පාර්ලිමේන්තුවට යවමු...
තමන්ගේ නමින් උසාවියේ නඩු පිට නඩු තියෙනවා... රටේ සල්ලි කාබාසිනියා කළා කියලා එහෙම කෙනෙක්ගෙන් අපිට අහගන්න තිබෙන දේවල්...
තමුන්නාන්සේලාගේ සතුට වෙනුවෙන් අපි අපේ සතුට කැප කළා.
දැන් දහ අතේ බනිනවා. බලන්නකෝ ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තු යන අපූරුව මොගොල්ලෝ...