(අජන්ත කුමාර අගලකඩ)
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් මණ්ඩලයට අද (28) යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන සතියට කල්තැබූ බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නාකි දේශපාලකයන්ට මොන බුලට් ප්රුෆ් වාහනද..? වාහනය ගත්තත්, නැතත් තව අවුරුදු කිහිපයකින් කූරියා ගහනවානේ.ඊට පස්සේ වාහනයට මොකද වෙන්නේ...? ඇයි..දැනට මෙයා පාවිච්චි කරන වහනය අප්සට් නම් අලුත්වැඩියා කරගන්න. මේ අය සෙල්ලම් කරන්නේ අපේ ඒ කියන්නේ මහජනයාගේ ටැක්ස් මුදල් සමගයි. අමතක කරන්න එපා.. මේ රට කේතුමතී රාජධානිය නොවෙයි.
එතකොට මන්ත්‍රීලටත් වෙඩි නොවදින රථ.. අනේ මේ මැරෙන එකා කොහේ හිටියත් මැරෙනවා. ගෙදර ඇතුලේ ආරක්ෂාවට ෆාමසියකුත්, ගිලන් රථයකුත් දෙන්න. ඔය නඩේම අකුණු සැර නොවදින කුළුණු සවි කරගන්න. මුළු සිරුරටම ජනතාවට පාන් කියාගන්න බැහැ මන්ත්රිලට... වෙඩි නොවදින රථ, රටේ තරමට සැප විඳින්න නීතියක් හදන්න. වාහනයක් අරගන්න පර්මිට් එක පමණක් දෙන්නත්... අනිත් සියලුම වියදම් ඔවුන්ගේ අතින්. අද බලයේ හිටියා නම් බේබිලට, මල්ලිට, මස්සිනාට... මේ අවස්ථාවේ සේරටම... වෙඩි නොවදින රථ, ජනතාවට හුළං...
මෙන්න රටේ ප්‍රධානම ප්‍රශ්න..
කෝටි ගණන් වියදම්කරලා ගෙනැල්ල අවසානයේ මුහුදුබත් කරනවා..
එක එක පක්ශ බදන් දඟලන අයට මේ ඔක්කොම එක කල්ලියක් කියලා තෙරුම් ගන්න මේකත් ඇති. ඔය සල්ලි වලින් කුඩා ව්‍යාපාර කීයක් පටන් ගන්න දෙන්න තිබුණාද? ඒවායෙන් රැකියා කීයක් බිහිවෙන්න තිබුණාද? නිකන් යකඩ ගොඩවල්වලට සල්ලි නාස්තිකරන පිරිසක්...
රජු.... රනිල් වික්‍රමසිංහ...
තමුන් ඔයතරම් බය මොකද? යුද්ධය අවසන් කරපු ජගතා වෙච්චි. මහජන මුදල් කබසිනියා කරන්නේ මොකටද? බලයේ ඉන්න කාලේ මොනතරම් ගසා කෑවද? තමුන්ටම කියලා වෙඩි නොවදින වාහනයක් ගන්න බැරිකමක් නැහැනේ.. ?
හොරාකාපුවා මදිවටද වෙඩිනොවදින වාහනත් දෙන්න යන්නේ.. අපොයි ජනතා සල්ලි.. බල තණ්හාවට ජාතීන් අතර අසමගිය පතුරුවන කතා කියන නිසාද මේ දෙන්නේ ?
පාරවල් වහන්නේ එපා කීවට, ඊයෙත් කොළඹ 2,3 පාරවල් වහලා අපේ වාහන අයින් කරලා මහා ඒජන්තයෙකුට යන්න පාර සුද්ද කරා !
නරකද සියලුම දේශපාලකයන්ටම සහ ඔවුන්ගේ පවුල් වල අයට (පළාත් සභා, නගර සභා ඇතුළුව) වෙඩිනොවදින රථ ලබා දුන්නොත්.
මෙයාට මොකටද වෙඩි නොවදින වාහන ? මෙයාට වෙඩිතියන්න කව්රුවත් නැහැ.
අන්න බෝලයක්...
මාස 6කට පසු එහි හිමිකරු දුටු රනිල්!
ඔව් ඔව් ... මේ වයසක මිනිස්සුන්ව වෙඩි නොවදින වාහන වල යවල පරිස්සම් කරන්න .. මොකද 250ක් මැරුණා වගේ තව ඕන තරමක් මහා ජනතාව මැරුණට කිසිම අවුලක් නැහැ.
මේ වගේ රටේ සංවර්ධනයට යෝජනා ඉදිරිපත් කළ අගමැතිතුමෙක් මුළු ලෝකයේවත් නැතිව ඇති. අපි නොකා නොබී හරි අගමැතිතුමාගේ යෝජනා ඉටු කර දෙන්න ලැහැස්ති වෙමු.
ඒ දෙන්නව ආරක්ෂා කරගන්නවා. එයාලා ළඟම ඥාතීන් නිසා වුණාට රටේ සිංහල මිනිස්සු පාට, පක්ෂ වලට බෙදිලා ඉන්නවා. ඇතැම් දෙමළ, මුස්ලිම් අය වාසි ගන්නවා.
ජනතාවගේ නායකයා... ඔය අපිට ආදරේට වෙඩි නොවදින රථයක් ඉල්ලුවා...
මේ ගොල්ලන් හැමෝටම වෙඩි නොවදින රථ, අහිංසක අපට බස් එක, කෝච්චියක යන්නවත් බැහැ බය නිසා... අපි කාපල්ලකෝ මුස්ලිම් ත්‍රස්ත බෝම්බ... දෙන්නම්කෝ අපේ ඡන්දෙ ඔහෙලට..
හරි පැහැදිලියි රටේ ආරක්ෂාව බින්දුවයි කියලා. අගරදගුරුතුමා නම් දෙන්න හදපු එකත් ප්‍රතික්ෂේප කළා.
අගමැති දුර බලලා වැඩ කරනවා වගේ. මාස කිහිපයකින් ඒක තමන්ටනේ
මහජන මුදල් වලින්ද? ඉක්මනට බෙදාගන්න එක හොඳයි. රට නැතිවෙන තැනටම දැනටමත් ඇවිත් තියෙන්නේ.
අර රනිල් මහතා ළඟ වැඩිපුර තිබුණු රථය... කාඩිනල්තුමාට දීලා එපා කියපු රථය... ඒක දෙන්නකො මහින්ද මහතාට ... මේ රටේ දැන් තියෙන තත්වය අනුව අපි පව්නේ ...
කාදිනල් තුමන් ආදර්ශයට ගත්තොත් හොදයි. අද 21දා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අසරණ වුවන් ගැන අමතකකර වෙන ගමනක් යන්න හදන හැටි. හරිනම් පහර ගහන්න ඕන කෙනා හා එවැනි අය-ඔවුන්ටත් නොදැනෙන පරිදි නීතියෙන් කොටුකර ගැනීමට අවශ්‍ය කරුණු කාරණා හරි හැටි ගොනුකර නඩු පවරා නිසිදඩුවම් නිසිකාලය තුලදී නියම කිරීම සදහා රාජ්‍ය නායකයා, උසාවි, පොලිස්යි, හමුදා හා රජයේ අදාළ ආයතන පුබුදුවාලමින් රාජ්‍යයන්ත්‍රණය වේගවත් කිරීම හැර හිතළු කියමින් වෛරය වගුරවමින් ජනතාව උසිගන්වා අන්දකාරයේ අතගාන්නට යාමෙන්-එසේ කරන්නවුන් හිත්පිත් නැති නීතියෙන් වැරදි කරුවන් බවට පත්වෙමින් පවතින අවුල වඩාවර්ධනය වෙඅමින් තව තවත් අවුල් ජාලයක් නිර්මාණය වනවා හැර වෙන ඵලයක් නොලැබෙන බව ලොවව මිනිසා බිහිවුදා පටන් මින්සුන් කර ඇති දේවල් විමසා බලන්නෙකුට ශාක්ෂි දරනු ඇත.
රටේ වෙන ප්‍රශ්න නැහැ වගේ, ඇයි පරණ එකේ හිල්ද?
ලංකාවේ උපරිම ජිවිත තර්ජනයක් තිබෙන නායකයා ... මොහු නැත්නම් 2009 ඉඳන් මේ වෙනකන් ලංකාවේ ජිවිත නැති වෙන්න තිබුනද?
ඊයේ පෙරේදා ඉස්කෝල පැත්තේ ගිහින් තිබුනනේ, බය හිතෙන්න ඇති.
කාට කියන්නද මේවා. යුද්ධේ දිනපු හමුදා නායකයා සරත් ෆොන්සේකා එයාට නැති තර්ජනයක් මෙයාට කොහෙන්ද?
දැන් මොකටද විපක්ෂ නායක තුමාට වෙඩි නොවදින රථයක්.
රටක නායකයින් ආරක්ෂා වීම හෝ ඔවුන් යහමින් මුදල් වියදම් කරමින් ජීවත්වීම හෝ ඔවුන්ගේ දරුවන් සුපිරි ජීවිත ගත කිරීම රටේ ජනතාවට ප්‍රශ්ණයක් නොවෙයි. ඔවුන් රටේ සාමාන්‍ය ජනතාව මෙන් ජීවත් විය යුතු නැහැ. නමුත් ඔවුන් එසේ ජීවත්වීම සාමාන්‍ය ජනතාවට ප්‍රශ්ණයක් නොවන ආකාරයට ඔවුන් රටේ වාතාවරණය සකස්කොට තිබිය යුතුයි. රටට මහගු සේවයක් කරන පිරිසක් විය යුතුය. ඔවුන්ගේ සුපිරි ජීවිතය වෙනුවෙන් රටේ ජනතාව වගනොකියන තැනට වැඩ කළ යුතුයි. ඔවුන් රටට ජනතාවට ණය නැති පුද්ගලයන් විය යුතුයි. එසේ නොමැතිව ඔවුන් සුපිරි ජීවිත ගතකරනවානම් එය ජනතාවට ප්‍රශ්ණයක් විය හැකියි.
එතුමා ශ්‍රේෂ්ටයෙක්. පොදු ජනතාව ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්න තිබෙන විටදී එතුමා ඕවා පාවිච්චි කරන්නේ නැහැ. ආණ්ඩුවේ කුමන්ත්‍රණ. ඕක තියා ගන්න අපහාස නොකර.
225 දෙනාම කන්න එපා...!!!
ඇයි "යනකොට තිබුණු හොඳම ඒවා අරන්ගියාය" කියලා අලුත් එක්කෙනාම කියපු වාහන දැන් පරණ වෙලාද?
ගෙදරට වෙලා ඉන්න මහජන මුදල් කාබාසිනියා කරන්නේ නැතුව .
"අහෝ මුසිල නොදිටි මොක්පුර" "නහි වේරානි වේරානි"
මේක ඇහුවා විතරයි මහින්ද මහත්තයා ලඟින්ම ඉන්න කෙනාගේ 6 දෙනෙක් ආණ්ඩුවට සහාය දෙනවා කියල ප්‍රවෘතියක් ප්‍රචාරය වෙන්නේ මොකද කියලා මම බැලුවා. ආයෙත් සැරයක් " කෝ මේ සිරිසේන" කියයි වත්ද?
ටක්කෙටම එපා කියයි... ඔන්න...
මහින්දට කියලා අරගන්නේ ඡන්දෙන් පස්සේ අහවලාට පාවිච්චි කරන්නද?