IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහින්දගේ අගමැති ධූරය අභියෝගයට ලක්කළ පෙත්සම විභාගයට තෙදිනක්

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 
 
මහින්ද රාජපක්ෂ මහතාගේ  අග්‍රාමාත්‍ය ධූරය සහ කැබිනට් අමාත්‍යධූර අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු  අභියාචනාධිකරණයට  ඉදිරිපත් කළ පෙත්සම  ලබන මස 16,17,18 තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය .
 
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ පෙත්සම සළකා බැලිණි.


පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවට අදාළ නොතීසි සහ ලිපිගොනු ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව පෙත්සම්කාර පාර්ශවය විසින් තමන් වෙත නිසි පරිදි බාරදී නොමැති බව ප්‍රකාශ කළේය.


මෙය ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීමක් බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන මෙන් ද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.


එම අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ එවැනි නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බවත් මෙම විරෝධතාව සුදුසු අවස්ථාවේදී මතුකරන ලෙසත්යි.


මෙහිදී වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනාගෙන් නොතීසි නොතිසි හා ලේඛන බාරදී තිබෙන්නේ 17 දෙනෙකුට පමණක් බවත් ඉතිරි වගඋත්තරකරුවන් තිස් දෙදෙනාට නඩුවේ ලේඛන ලැබී නොමැති බවත් චෝදනා කර සිටියේය.


ඒ අනුව මෙම නඩුවේ සියලුම වගඋත්තරකරුවන්ට නැවත නිකුත් කරන ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ  නීතිඥවරයාට නියම කළේය.


අනතුරුව නඩුවට අදාළ විරෝධතා ජනවාරි මස 4 වැනි දා ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි 11 වැනි දා ඉදිරිපත් කරන ලෙස පාර්ශවයට නියම කළේය.

පසුව පෙත්සම් විභාගය ජනවාරි 16, 17 සහ 18 යන දිනවල පවත්වන බව ද අධිකරණය නියෝග කළේය.

ඡායාරූප - ඉෂාන් සංජීව

 



අදහස් (0)

මහින්දගේ අගමැති ධූරය අභියෝගයට ලක්කළ පෙත්සම විභාගයට තෙදිනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 688 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site