IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිහින්තලා පූජා භූමිය සංවර්ධනයට කැබිනට් අනුමැතිය

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලා පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, ලංකාවේ පළවෙනි පෙරහැර ලෙස සැලකෙන මිහිදු මහා පෙරහැරට නෛතික බලයක් ලබාගැනීමටත් කැබිනට් අනුමැතිය ලබාගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමේදී තීරණය කළ බව මිහින්තලේ රජමහා විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසුහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ අද (03) දින පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී උන්වහන්සේ මෙසේද පැවසුහ.

   නිදහසින් පස්සේ වසර ගණනාවක් හිටපු ,වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා, පැවති විවිධ ආණ්ඩු වලටත් වර්තමානයේ පවතින ආණ්ඩු වලටත් ඉල්ලීම් කළා බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ  ලෙස සැලකෙන මේ උතුම් ස්ථානය පළවැනි ස්ථානය ලෙස තිබෙන්නට අවශ්‍ය බව.

විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ බෝම්බ සිද්ධියත් සමඟ අපේ ආගමික නිදහස,ජීවිත්වීමේ අයිතිය  අපෙන් උදුරා ගත්තා වාගේ සැකයක් අපට ඇතිවුණා.ඒ සැකයත් එක්ක වෙසක් පෝයත් එක්ක එම උත්සවය සැමරීමට මානසික වශයෙනුත් කායික වශයෙනුත් අපි ලොකු තැති ගැනීමකටත් බියකටත් පත්වුණා.ඒ නිසා ඉන් අනතුරුව අපේ රටේ තිබෙන ඉහළම පිංකම පොසොන් උත්සවයත් අප්‍රේල් 21 වන දින සිද්ධියත් එක්කම වැලලී ගෙන යන ස්භාවයක් තිබුණා.

අද මේ වන විට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුවෙලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත් වයෙන් මේ පිංබිමේ අවශ්‍ය කරන සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ කටයුතු සිද්ධ වුණා.

ඉන් අනතුරුව මේ මිහින්තලේ පුජා භූමිය ජාතික උරුමයක් බවට පත්කිරීම සඳහා අගමැතිවරයා,තවත් මැති ඇමතිවරු පිරිසක් සමඟ  අපි අරලියගහ මන්දිරයේ සාකච්ජාවක් පැවැත්වුවා.

මෙහිදී මේ මිහින්තලා පුජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්,ඒ වගේම ලංකාවේ පළවෙනි පෙරහැර ලෙස සැලකෙන මිහිදු මහා පෙරහැරට නෛතික බලයක් ලබාදීමටත් පවතින රජය තළින් ඒ කරුණු කාරනා කිරීමට මුදල් වෙන් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් ඒ කටයුත්ත කරන්නටත් තීරණය කළා.

ඒ වාගේම මිහින්තලේ ජාතික පොසොන් මහා උත්සවය ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්,ඒ වාගේම මිහිදු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණ දිනය ඔක්තෝබර් මාසයේ එහෙම නැත්නම් වප් මාසයේ පුරඅටවක දිනයේ පැවැත්වීමටත් එම දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමටත් ඒ දිනය ගැසට් කිරීමටත්  අගමැතිතුවරයා පොරොන්දු වුණා.

මිහින්තලේ පුජාභුමියේ තිබෙන අඩුපාඩුකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්නායකයන් අනුව සකස් කරන්නටත් අගමැතිවරයා උපදෙස් ලබාදුන්නා.

විදුලි පද්ධතියක්,ශබ්දවාහිණි පහසුකම් සහ කැමරා ආදිය සකස් කිරීමටත් අගමැතිවරයා මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය අනුව  මිහින්තලා පඩි පාමුල තිබෙන පියගැට පෙළ ඒ 12 මාර්ගයට ඝෘජුවම දිස්වන ආකාරයෙන් සකස් කිරීමටත් අගමැතිතුමා මෙහිදි මුදල් වෙන් කළා.

ඒ වාගේම ඉසුරු උයන මාර්ගයේ විකල්ප මාර්ගයක් ලෙස ඒ 12 හා ඒ 9 කියන මාර්ග වලට සම්බන්ධ වන තවත් මාර්ගයක් ඉදි කිරීමට මුදල් දෙනු ලැබුවා.

විවිධ මාර්ග ඔස්සේ කෙටි කාලින,දිගුකාලින මධ්‍ය කාලින වශයෙන් කටයුතු කටයුතු කාරණා ගනනාවක් සකස් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කලාට පස්සේ නැවතත් ප්‍රගති සමාලෝචන රැස්විමක් පවත්වමින්,මේ පුන්‍ය භුමිය සකස් කිරිම,වැඩි දියුණු කිරමට සාකචජා සිදුකලා.

මේ සංවර්ධන කටයතු එක එක අමාත්‍යාංශ හරහා ඒ ඒ  අවශ්‍ය යටිතල  පහසුකම් සැපයීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. මේ සංවර්ධන කටයුතු සඳහා සංස්කෘතික අමාත්‍යාංශය මගින් මේ වන විටත් රුපියල් මිලියන දෙසිය තිස්අටක මුදලක්  මේවන වට වෙන් කර තිබෙනවා.

මිට අමතරව තමයි මෙම මාර්ග පද්ධතිය,ධර්ම ශාලා,විශ්‍රාම ශාලා,විදුලිය,වැනි දේ ලබාදීමට අගමැතිතුමා උපදෙස් දුන්නා.

මිහිනතලේ පුජා භූමියේ ශ්‍රී විභුතිය යළි ඔප් නැංවීමට කටයුතු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට,අගමැතිවරයාට,අමාත්‍ය මණ්ඩලයටද ශ්‍රි ලාංකික බෞද්ධයන් වෙනුවෙන් තමන් ගේ ස්තූතිය පිරි නමන බවද උන් වහන්සේ මෙහිදී පැවසුහ.

 



අදහස් (1)

මිහින්තලා පූජා භූමිය සංවර්ධනයට කැබිනට් අනුමැතිය

ලුම්බිණි Thursday, 04 July 2019 04:50 AM

පෙරහැරවල් කරන්න රජය සල්ලි ගෙවිය යුතු නැහැ නේද හාමුදුරුවනේ?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site