IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මුහුද රළු වෙයි

(ඩයනා උදයංගනී)
           
ශ්‍රී ලංකාවේ ගිනිකොණ දෙසින් වන මුහුදු ප‍්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින අවට මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
           
මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශවල තද වැසි සමඟ පැයට කිලෝමීටර 70ක 80ක පමණ වේගවත් තද සුළං ද ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
           
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට අද (25) පස්වරුවේද වැසි ඇතිවන බව ඔහු පැවසීය.
           
මේ අතර දිවයිනට ගිනිකොණ දෙසින් කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් හෙට (26) රාත‍්‍රියේ සිට පළාත් කිහිපයකට තද වැසි ඇතිවන බව නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
           
විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලට මෙහි වැඩි බලපෑමක් ඇතිවන බවද, බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත‍්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.
           
සෙසු ප‍්‍රදේශයන්හිද පස්වරු 1.00න් පසු වැසි ඇතිවන බව නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
           
මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවන බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
           
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
           
දිවයින වටා මුහුදු ප‍්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම අවස්ථාවලදී මුහුදු ප‍්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලදී විමසිලිමත් විය යුතු බවද මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.



අදහස් (0)

මුහුද රළු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 484 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site