(විනීතා එම් ගමගේ )
මුහුදු මහා විහාරයට අයත් අක්කර 30 වහාම මැනුම් කටයුතු කර යළි ගැසට් කරන්නැයි මිනුම්පතිවරයාට ද උපදෙස් දුන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ පියවර ගත් බවත් පරිසර සහ වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කීය.
මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලයට නිලධාරින්ගේ සහය ලැබී ඇත්තේ යම් දේශපාලන උවමනාවක් මත බව පෙනී යන්නේ යැයි කී චන්ද්‍රසේන මහතා කෙසේ වෙතත් මාසයක් ඇතුළත මුහුදු මහා විහාරයේ ඉඩම් අක්කර 30 යළි පවරා ගැසට් පත‍්‍රය නිකුත් වනු ඇතැයි ද කියා සිටියේය.
මුහුදු මහා විහාරයේ ඉඩම් ජනතාව අතර බෙදා ජයභූමි ඔප්පු ලබා දීමට කටයුතු කර ඇති නිලධාරින් පිළිබඳව වහාම සොයා බලා ඔවුන්ට එරෙහිව වහාම නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අම්පාර දිසා ලේකම්වරයාට උපදෙස් දී ඇත.
එසේ වෙන් කරන ලද ඉඩමේ විහාරය ආසන්නයේ අක්කර 17 ක් මෑතක දී අනවසරයෙන් අල්ලාගෙන ඇති බවත් ඒ සදහා එම ප‍්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ගේ ආශිර්වාදය ද ලැබී ඇති බවත් මුහුදු මහා විහාරයට අයත් ඉඩම් පිළිබදව එහි ගොස් කළ පරික්ෂණයකින් පසුව හෙලි වූ බැවින් මෙසේ උපදෙස් දුන් බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ලංකාදීපයට පැවැසීය. පුරා විද්‍යා පනත නොදැන කටයුතු කරන ප‍්‍රාදේශිය ලේකම්වරුන් පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි අම්පාර දිසාලේකම්වරයාට උපදෙස් දුන් බව ද හෙතෙම සදහන් කළේය.
1951 දී අක්කර 71 වශයෙන් ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත් කර ඇති මුහුදු මහා විහාර රක්ෂිතයෙන් අක්කර 11 ක් සදහා 1996 දී ජයභූමි ඔප්පු ලබා දී ඇති බව එහි හෙලි වී තිබේ. එම ඉඩම් ලබාදී ඇත්තේ මුහුදු මහා විහාර රක්ෂිතයට ඒ වෙනුවෙන් වෙනත් ඉඩම් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුව නමුත් මේ වනතුරුත් එය සිදුවී නැති බවත් පසුකලෙක විහාරයේ ඉඩම අක්කර 30 ක් ලෙස යලි ගැසට් කර ඇති බවත් පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ඉතින් චන්දෙ ඉවරවෙනකල් තමයි...
ඔය ස්ථානයේ පවතින ගැටලුවට හොදම විසදුම ලෙස මා දකින්නේ යුද හෝ නාවික හමුදා කදවුරක් ඔය ස්ථානයේ ආරම්භ කිරීමයි...
අක්කර 71 අක්කර 30 කරලා තියෙන්නේ ගැසට් එකක් මගින්... ගැසට් එක හොරට නිකුත් නිකුත් කරන්න පුළුවන්ද?
ඉතුරු ඉඩම් ....
ඒක තමයි හකීම් ඉඩම් ඇමැති උනේ, ඔප්පු නැති ඉඩම් ටික හොයා ගන්න. ඊට පස්සේ උන් ඒ ටික අල්ල ගන්නවා. නඩු දැම්මත් උන් දිනනවා. මේවා නොදන්නා සිංහල යයි කියා ගන්නා දේශපාලුවන්ට රැවටිලා....
නියමයි! පුරාවිද්‍යාවට අයිති ඉඩකඩම් සහ උතුරේ තිබෙන පෞරාණික පන්සල් මෙ රටේ සිංහලයාට තිබෙන අපේ අයිතිය පෙන්වීමට තිබෙන ශාක්ෂි. අපි එව්වා රැකගත යුතුයි. මුස්ලිම් රටවල තිබෙන පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකදී තිබෙනවා නම්..., අපේ රටේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන විනාස කිරීමට, අත්පත් කර ගැනීමට විරුද්ධව දැන්වත් සිංහලයා නැගීසිටිය යුතුයි. මේ සිංහල අපගේ රටයි.
විල්පත්තුවේ අක්කර ගානක් කාබාසිනියා කරලා කෝමාරිකා වවන්න ගිය එකේ වැරැද්ද වහ ගන්න සහ නැති වෙන්න යන චන්ද ටික රැකගන්න ගහන ගේමක් විතරයි .. බලන්නකෝ ඔය කියන කතා කෙරෙන හැටි ...