IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුහුදු තැපෑලෙන් ආ පාර්සල් 4,000 ක් තවමත් හිර වෙලා

(විනීතා එම් ගමගේ)
 
ලිපිනයන් මැකී යාම නිසා බෙදිය නොහැකිවූ මුහුදු තැපැල් පාර්සල් 4000 ක් පමණ තවමත් මධ්‍යම තැපැල් හුවමාරුවේ රඳවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව  කියයි.
 
මැලේසියාවෙන් එවා තිබු එම පාර්සල්වලින් 1500 ක පමණ ලිපිනයන් මේ වනවිට මැලේසියානු තැපැල් දෙපාර්තමේන්තුව හා මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරින් එක්ව කළ මෙහෙයුමකින් සොයාගත් ගෙන ඇති බවත් ඒ අනුව අදාල පාර්සල් හිමිකරුවනට භාරදීමට කටයුතු යොදා ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා ලංකාදීපයට අද (05) පැවසීය
 
කෙසේ වෙතත් ඉතිරි වන පාර්සල්වලින් දෙදහසක් පමණ යලිත් කේත අංක මැලේසියාවට යැවී යැයි කී රණසිංහ මහතා මැලේසියානු තැපැල් දෙපාර්තමේන්තුව ඒවා ද සොයා බලා ලිපිනයන් එවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීවේය.

මෙම පාර්සල් අතර ඇති 500 ක් පමණ ප්‍රමාණයක කේත අංක පවා මැකී ගොස් ඇති බැවින් ඒවා යලි මැලේසියාවට යවන බවත් එහි දී ඔවුන් ඒවා වෙනුවෙන් යම් පියවරක් ගනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

 මෙම පාර්සල් අති බහුතරය අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරන ලද භාණ්ඩ වන අතර කුඩා පාර්සල් බවත් ඒවායේ ලිපින තාවකාලිකව  පවතින අන්දමේ ලාභදායි ක්‍රමයකින් මුද්‍රණය කර තිබු බැවින් ඉක්මණින් මැකී ගොස් ඇති බවත් රණසිංහ මහතා සඳහන් කළේය.
               



අදහස් (0)

මුහුදු තැපෑලෙන් ආ පාර්සල් 4,000 ක් තවමත් හිර වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 913 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 624 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site