(රංජන් කස්තුරි)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.
දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සහ ඊට යාබද දේශීය ජල තීරයන්හිද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාම ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැඳවා බව ජනාධිපතිවරයා විසින් ඊයේ (23) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීම මසක කාලයක් සඳහා වලංගු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර මැජික් නේද?
එතුමාට තේරෙන එකම දේ එතුමා කරමින් ඉන්නවා.
කොතැනද මහජන සාමය කඩ උනේ ? ඡන්දය කල් ගිය අතරේ හමුදා පාලනයකට ලෑස්ති වෙනවා වගේ.
විනය කඩවීම සාමය කඩවීමට වඩා බරපතලයි. චීනය රුසියාව උතුරු කොරියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල් සිය මහජනතාවගේ විනය පාලනය කිරීම තුළින් කොරෝනා සාර්ථකව මැඩ පවත්වා ඇත. එමගින් සිය රටවල ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඇත. නමුත් ලොව බලසම්පන්න සියලු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් කොරෝනා හමුවේ අන්ත අසරණ වී ඇත්තේ සිය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හමුවේ ජනතාවගේ විනය පාලනය කිරීමට අසමත් වීම තුළිනි. ලංකාවටත් ඒකාධිපති පාලනයක් හෝ හමුදා පාලනයක් අවශ්‍ය බව පෙන්වන කදිම අවස්ථාවක් තමයි මේ .