IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මහජන බැංකු හිටපු සභාපතිට - අමාත්‍යාංශ අතිරේක ලේකම්ට කෝප් කමිටුවේ පෙනී සිටීමට නියෝග

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

මහජන බැංකු සාමාන්‍යාධිකාරීවරයකු ලෙස කටයුතු කළ වසන්ත කුමාර නැමති අයෙකුට සේවා දිගුවක් ලබානොදෙන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝග කර තිබියදීත් ඔහුට මාස හයක සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් බැංකුවේ හිටපු සභාපති හේමසිරි ප‍්‍රනාන්දු සහ අදාළ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ එස්.සේමසිංහ යන අය පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද කමිටුව හමුවට කැඳවීමට කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (05) නියෝග කළේය.

ඉකුත් 2018 වසරේ අගෝස්තු මාසයේ ලබාදී ඇති මෙම මාස හයක සේවා දිගුව හේතුවෙන් එම සාමාන්‍යාධිකාරීවරයාට වැටුප් හා දීමනා සඳහා රුපියල් එක්කෝටි පනස් හතර ලක්‍ෂයක් ගෙවා ඇති අතර බැංකුවට වූ එම අලාභය වගකියුත්තන්ගෙන් යළි අයකරගැනීමට නිර්දේශ කරන බවද සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව දැනුම් දුන්නේ මහජන බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අද (5) පෙනී සිටී අවස්ථාවේදීය.

අදාළ නීතිවිරෝධී සේවා දිගුව ලබාගත් සාමාන්‍යාධිකාරීවරයාට සේවා දිගුවක් ලබානොදෙන ලෙස කෝප් කමිටුව නියෝග කර තිබියදීත් එහි සභාපති ලෙස සිටි හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ලිපියක් මත ඔහුට සේවා දිගුව අනුමත කිරීමට එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස සිටි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ක‍්‍රියාකර ඇතැයි ද කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

එම මාස හයේදී අදාළ පුද්ගලයාට මසකට රුපියල් ලක්‍ෂ 21 බැගින් වැටුප්ල රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්‍ෂයක හි`ග වැටුප් මුදලක්, ලක්‍ෂ 26ක ප‍්‍රසාද දීමනා සහ තවත් ලක්‍ෂ 74ක අතිරේක දීමනා මුදලක් ද ගෙවා ඇතැයි මෙහිදී හෙළිදරව් විය.

ඊට අමතරව ඔහුගේ භාවිතය සඳහා රුපියල් එක්කෝටි හැට ලක්‍ෂයකට මිලදී ගත් බී.එම්.ඩබ්ලිව් රථයක් රුපියල් එක්ලක්‍ෂ දහතුන්දහසක මුදලකට ඔහුටම පවරා දීමට බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩලය අනුමැතිය දී ඇතැයි ද මෙහිදී සඳහන් විය.

ඒ සමඟම ඔහු භාවිත කරමින් සිටි තවත් වාහනයක් ඔහු රැගෙන ගොස් ඇතැයිද කී කෝප් සභාපතිවරයා මෙම වාහන දෙක ඔහුගෙන් වහාම ලබාගැනීමට කටයුතු කරන ලෙස ද මහජන බැංකු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට නියෝග කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, නීතීඥ නිශ්ශංක නානායක්කාර, සාමාන්‍යාධිකාරී රසික ගුණවර්ධන යන මහත්වරුන් සහ එහි අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකවරු කෝප් කමිටුව හමුවේ පෙනී සිටියහ.

කෝප් කමිටුවේ සාමාජිකයින් වන දයාසිරි ජයසේකර, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත‍්‍රීවරු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 



අදහස් (1)

මහජන බැංකු හිටපු සභාපතිට - අමාත්‍යාංශ අතිරේක ලේකම්ට කෝප් කමිටුවේ පෙනී සිටීමට නියෝග

ගල්කටස් Thursday, 05 September 2019 02:52 PM

යහපාලනය සැපයි මුන් හොරු අල්ලන්නව කියලා අැවිත් ඩබල් එකෙම ⁣හොරා කාලා නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 377 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1644 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site