(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
සේවාර්ජිත මහාචාර්ය විනී විතාරණ මහතා අද(02) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
සිංහල, ඉංග්‍රීසි, ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව, මානව විද්‍යාව වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ප්‍රාමිණික උගතකු වන විනී විතාරණ මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ප්‍රථම අංශ ප්‍රධාන මහාචාර්යවරයා ද වූයේය.
කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලැබූ විතාරණ මහතා ලන්ඩන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් සිය ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලැබීය. මුවදෙව්දාවත, සසදාවත සහ මයුර සංදේශය ආදිය ද ඒ මහතා විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.
විනී විතාරණ මහතාගේ දේහය හෙට (03) උදෑසන සිට මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය.
දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන බදාදා (04) සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව..!
ශේෂ්ඨ විද්වතෙක්ගේ වියෝව !!! ඔබට අජරාමර නිවන් සුව ලැබේවා !!!
නිවන්සුව පතමි. එතුමා අද ඉන්න බොහොමයක් කාඩ්බෝඩ් මහාචාර්යවරු මෙන් නොව සැබෑවින්ම ශ්‍රේෂ්ට විද්වතෙක් වුයේය.
නිවන් සුව පතමි.