(මුදිතා දයානන්ද)
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායක වීමේ වරදටත් රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා අද (29) පැවසීය. ඔහු මේ බව පැවසූයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මාදුළුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාගී වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
‘‘මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගැනීමට අපට හේතු ලෙස චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අපට පෙන්වා දුන්නේ ඔහු දූෂිතයෙක් නොවීමත්, ජාතිවාදියෙක් නොවීමත්, අත්දැකීම් ඇති අවංක පුද්ගලයෙක් වීමත් යන කරුණුය. එහෙත් ඒ සියල්ල සාවද්‍ය බව අද රටම දන්නවා‘‘
ගුවන් යානා පුරෝගෙන මහජන මුදල් නාස්ති කරමින් රටසවාරි යන බවට අප මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කළා. එහෙත් අද වනවිට මෛත‍්‍රීපාල සිරිසේන මහතා හැම වැඩකින්ම මහින්ද රාජපක්ෂව පරදවා ඇති බව ඔප්පුකර හමාරයි.
මහින්ද රාජපක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ නිසා ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාවය මතුවුණා. සිරිසේන මහතා තමන්ට අවශ්‍ය ලෙස විනිසුරුවන් පත්කරගැනීමට නොහැකි වූ නිසා ව්‍යවස්ථා සභාව අවජාතක දරුවෙක් ලෙස ගර්භාවට ලක් කළා.
මේ සෑම දේකින්ම පෙන්නුම් කළේ විධායක බලයෙන් මිනිහෙකු උමතු කරන අන්දම නොවේද? ජනතාව එක් පුද්ගලයෙකු ගැන විශ්වාසය තබා බලයට ගෙනාවත් ඔහු බලයට පත්වු පසු කල්පනා කරන්නේ තමන්ගේ දරුවන්ට හා පරම්පරාවට ධනවත් වීමට මාර්ග සකස් කිරීමයි. දරුවන්ට ප‍්‍රභූ ආරක්ෂාව සැපයීම කෙබඳු විහිලුවක්ද? පියා ජනාධිපති වීමෙන් දරුවන් අසාමාන්‍ය ධනවතුන් බවට පත්විය හැකිද? මෙයට අප තිත තැබිය යුතුයි.
“සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට දායක වීම අප කළ වරදක් නම් ඒ වෙනුවෙන් අපට සාප වේවා. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා.“ යයිද මහාචාර්ය සරත් විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015ට කලින් ඔයාලා කියපුවා විශ්වාස කරපු අපටත් ශාප වේවා...!!!
අනේ අම්මේ..... මේ හාදයෝ මේ වඳින වැඳිල්ල බැලුවාම මෙච්චරකල් මෙහෙම ඉන්න එකත් පුදුමයි ...
අනේ මහාචාර්යතුමනි, සිංහලයාගේ පිරිහීම මේක තමයි, නිවැරදි දේ දැකීමත්, නිවැරදිව කිරීමත්, ඒ වෙනුවෙන් පෙනී සිටීමත්, නොකළයුතු බව දේශපාලුවන් උගන්වන න්‍යාය... නමුත් ඔබතුමා අධෛර්යමත් නොවී ශ්‍රී ලාංකිකයන් නිවැරදි මගකට යොමුකිරීමට හැකියාව ලැබේවා..!
මෙතන කෝ ජනාධිපති..? දුකයි.. කරුමය තමා පසුපස එන බව මතක් කළ යුතුයි.
මේ සියල්ලටම වගකියන්න ඕනෑ ජනාධිපති...
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණ සැමරුමක් පැරිස් වලත් තිබ්බා දැන්...
මුළු ජීවිත කාලෙම හැමදාම, උදේ, සවස රාත්‍රියේ, මාදුළුවාවේ සෝභිත හිමි සැමරීම ජනාධිපති කළයුතුයි... ඒ බව රටම සාක්ෂි දරයි... අද කෝ ජනාධිපති මෙතන? විපාක ලැබෙන්නේ ඇරියස් එකකි.
ඔවුමයි පැරිස් වලත් තිබ්බනේද සෝභිත හිමි සැමරුම් පස්සේ තියයි .
සෝභිත හාමුදුරුවෝ ජීවතුන් අතර හිටියනම් උන්වහන්සේ ඔබව නාග විහාරේ පැත්ත අහලකටවත් ගන්නේ නෑ
යහපාලනයේ නියමුවානනි ඔබව ජනාධිපතිට අමතක වෙලා හෙට පත්තරෙන් දැක්ක කියයි ..පවු
මාදුළුවාවේ සෝභිත හිමියනි ගුණ මකුනුවෝ ඉන්න මෙහෙමත් රටක් නොවේ මෙහෙමත් මිනිස්සු
පිස්සන් රජුන් තැනුවත් රජු පිස්සෙක් වුණත් වෙනසක් නැත... (යහපාලනය)
ඩොලර්වලට කඩේයන ඔබ වැනි කාලකන්නි මේ රට විනාශකරන්න තවමත් වැඩ කරන හැටි. මේ රටේ මිනිස්සුන්ට හොඳට පේනවා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ වගේ වටිනා චරිතයක් ගොඩනැගූ සංවිධානය ඩොලර්වලට විකුණන ඔබ වැනි අයට වැහි නැති හෙන ගහනවා සිකුරුයි. ඔබලා දැන් බැටලු හම පොරවාගන්න හදන්න එපා.
එතුමා ජනාධිපති කිරීමෙන් ඔබ බලාපොරොත්තු වුනේ කුමක්ද යන්න ජනතාව නොදනී. එසේම ඔබට එය පැහැදිලි කිරීමටත් නොහැකි වගෙයි හැඟෙන්නේ... මට නම් හැඟෙන්නේ එතුමා නමින් පමණක් ජනාධිපති වී ඔබලාට රූකඩ නැටවීමට නොහැකිවීමයි. ඇත්තෙන්ම සෝභිත හාමුදුරුවෝ අපවත් වුනේ හිතේ අමාරුවෙන් කියලයි මම හිතන්නේ... උන්වහන්සේ අද සිටියා නම් තම දෙනෙතින්ම රටට වී ඇති හානිය තමාට දැකගන්න නිබුණා නොවෙයිද? උන්වහන්සේ එදා අපවත් නූනානම් අද හෝ අපවත් වන්න ඉඩ තිබුණා කියලා ඔබට නොහිතෙන්න පුළුවන්. ඔබ හා ඔබේ සගයෝ තම තමන්ටම සාපකර ගන්න එක ගැන මහා ජනතාව දුක් වන්නේ නැහැ. ඒ අය දුක්වන්නේ මෝඩ රැලකට කඩේයාම ගැනයි...
මහාචාර්ය පදවි, ආචාර්ය පදවි නැති සාමාන්‍ය ජනතාවටත් එදා වැටහුණු දේ ඔබතුමාලට නොවැටහී, ගෙනගිය අරගලයේ රඟ දැන්වත් තේරුණු එක හොඳයි. නමුත් අස්සයා පැනලා ගිය පසුව ඉස්තාලය වසා ඵලක් නැත..
කරුමක්කාරයෝ සෝභිත හිමි මරාගත්තා.. දැන් රටම විනාශ කර හමාරයි..
රට විනාශ කළ බොරුවෙන් රට මුලාකරපු අයට සාප වෙන්න ඕනේ...
මේ පාර හිස්බුල්ලා ගෙනැල්ලා සෝභිත හාමුදුරුවන්ගේ ගුණ සැමරුවා නම් නරකද ළමයිනේ..?
මාදුළුවාවේ සෝභිත හිමියන්ට නිවන් සුව ලැබේවා...!!!
අපේ හාමුදුරුවනේ සමාවෙන්න.. මොවුන්ට සීනිදාන්න ඕනේ... කූඹි කාලම යන්න...
කෙහෙල් කොලේ බත්කනවා. බිරිඳගේ අතින්මයි කෑම ටික හදන් එන්නේ... මේ වැනි සෙවල කතා කියලා මිනිසුන් මුලා කෙරුවා හිට්ලර්ගෙයි, මෙයාගෙයි වෙනසකට තියෙන්නේ... හිට්ලර් වෙජිටේරියන්..., කොහොමද මිනිස්සු මරපු හැටි... නමුත් මෙයා තමජාතිය පාවා දෙමින් අන්තවාදීන් රැකගන්න උත්සාහ කරනවා. හිතාගෙන ඉන්නේ නැවත ජනාධිපති වෙන්න. රජමැදුර කෙසේවෙතත් පොළොන්නරුවේ ගෙදරත් නැතිවෙන පාටයි.
ආර්ථික අතින් ශක්තිමත් නැති, බුද්ධිමත් නැති සහ රටට හිතැති නැති මොන පුද්ගලයා ගෙනාවත් ඔය දේම ඉස්සරහටත් වෙනවා. මොන කණ්ඩායමෙන් ආවත් හොඳට පසුබිම හොයලා බලලා තෝරගන්න වෙනවා. එහෙම නැත්තම් මේ රට කවුරුහරි බලෙන් අල්ලගෙන මුල ඉඳන්ම සුද්ද කරන්න වෙනවා ඉහළ සිට පහළට.
ජනාධිපතිට විතරක් දොස් කියලා වැඩක් නැහැ. එතුමාව විහිළුවකට දැම්මට රනිල් ඒ හැමෝටම වඩා භයානකයි. ඇමෙරිකාව එක්ක ලංකාව පාවලාදෙන ගිවිසුම් ඔක්කොම ගැහුවේ රනිල්ගේ වුවමනාවට. හම්බන්තොට චීනයට පවරලා දුන්නෙත් රනිල් සමග ජනාධිපති.. එතකොට මංගල ලංකාවේ රණවිරුවන්ට විරුද්ධව ගිවිසුම් අත්සන් කළ.. මංගල රනිල්ගේ හොඳම සගයා.. අපිත් යහපාලනේට ඡන්දෙ දුන්නා.. එ්ත් දැන් කරපු වැරැද්ද හොඳටම තේරිලා තියෙන්නේ ඒ දීපු චන්ද 62 ලක්ෂහෙන් දැන් ලක්ෂ 10ක්වත් නැතිව ඇති.. ඒ නිසා මේ මුළු යහපාලන ආණ්ඩුවම ජනතාව නියෝජනය කරන්නේ නැහැ...
රනිල් BA කාරයෙක්. සිරිසේන දහයට ගියාද කියලවත් අපි දන්නෙ නැත.. නමුත් ආචාර්යවරුන් කියනා අය කළේත් NGO මුදලට යටවී ඡන්ද දායකයින් ගොනාට අන්තවීමයි.
අර කට්ටිය දැන් අනිත් පැත්තෙන් හිනාවෙනවා ඇති...
චන්ද්‍රිකා වැන්නවුන්ගෙන් උපදෙස් ගන්නේ ඔබ වැනි අය තමයි...!!!
දැන් බලාගෙන ගියාම මහාචාර්ය කිව්වත් වැඩකරන්නේ මේ අපි වගේමනේ?
අපි විදේශ ගත ශ්‍රී ලාංකිකයන්... එහෙත් විදේස්ගත රටක හිටියත් හැම මොහොතේම සිතන්නේ ලංකාවට ඇවිත් ජීවන මගක් උපයා ගෙන අපෙන් රටට වියයුතු යුතුකමක් කරන්නයි. එය සිහිනයකට පත්නොවේවායි සිතමු. අපි දියුණුරටවල ජීවත්වන අයවලුන් හැටියට අපේරටත් මේ රටවලුත් සමග ගණනය කලොත් අහසයි පොළවයි වගේ.. මිනිසාගේ ජීවිතයට ලොකු වටිනාකමක් දීලා තියෙනවා. කණගාටුවෙන් වුනත් කියයුතුයි මගේ රටේ ජීවත්වන මිනිසුන්ගේ ජීවිත පයට පැගෙන පරඬැලක් ගානකටවත් ගණන් නොගන්නේ ඇයි දැයි අපේ හදවතට අපි විසින්ම තට්ටුකර ඇසියුතු කාලය එළැඹී ඇත. රාජ්‍යය පාලනය දුර්වල වුණු හැමරටක්ම මේ අනුවේදනීය තත්වයට පත්වෙනවාමයි. ඒ නිසා රටේ පුරවැසියන්ගේ යුතුකම තමයි බුද්ධිමත් රටපාලනය කරන නායකත්වය සහ පාලන පක්ෂය තෝරාගැනීම.. ඒ නිසා අරක්කු බෝතලයට, බත් පාර්සලයට තමන්ගේ ඡන්දය නොදී දෙකෝටි විසිලක්සයකට වැඩි ජීවත්වන දනන් ගැනත් මතුපරපුරත් ගැන සිතා නුවනින් කටයුතු කරන්නයි මේ ගෞරවනීය ඇරයුම පිලිගන්න... සියල්ලන්ටම මගේ මාතෘ භූමියයි සිතිය හැක.
ඔබ මේ රට යහපත් දේශයක් කරන්න ගත වෑයමට අපි සදා ණයගැති ඔබ තුමාට ඩොලර් කාක්කා කියන අය ගැන අපිට තියෙන්නේ කණගාටුවක් . ඔබ මේ රටට අවශ්‍ය කෙනෙක්. ඔබට බුදු සරණයි.
හරි දේවල් කියන්න ගිය කිසිවෙක් අවසානයේ හොඳ නමක් ඇහුවේ නැහැ. එම නිසා මේවා ගණන් ගන්න එපා.
වසරේ හොඳම නළුවා.
ඔබට දැන් තේරුනාට අපිටනම් ඕවා තේරිලා ගොඩක් කල්.
ඇයි ඔයාට මේ ආණ්ඩුව කරපු හොරකම් මතක් වෙන්නෙම නැද්ද.?
ජනතාවනි, මගේ මේ අදහස දේශපාලන කෝණයකින් පමණක් බලන්න එපා. එහෙම බලලා ආයෙත් රැවටෙන්න එපා. රෑ වැටුනු වලේ දවල් වැටෙන්නත් එපා. තව තවත් පොදු අපේක්ෂකයන්ට රැවටෙන්නත් එපා. බෙදුම්වාදීන්ට රට පාවා දෙන බව බලයට ආපු හැම වෙලාවෙම ක්‍රියාවෙන්ම ඔප්පු කරපු අයට ත් ඒ අයගේ පක්ෂ වලටත් නැවත ඡන්දය දෙන්නත් එපා. අලුත් ලක්ෂ වලට වත් කුඩා පක්ෂ වලට වත් ඡන්දය දෙන්නත් එපා. එහෙම කලොත් අපගේ වටිනා ඡන්ද කවදාවත් දිනන්න බැරි පක්ෂ වලට බෙදිලා ගිහින් තව තවත් අච්චාරු වෙලා රට අවුල් ජාලාවකට වැටෙනවා. පොත පතේ දැනුම පමණක් ලැබූ උගතුන්ගේ අදහස් හුදු දර්ශණයන් පමණයි. ඒවා සැබෑ සමාජයේදී ප්‍රාෙයා්ගික නැහැ. ඒ නිසා දැන් සමාජයේ වෙන දේවල් දැකලා අහලා අපි බුද්ධියෙන්, නුවණින් වැඩ කරමු. ත්‍රස්තවාදය අතුගා දැමීමට සියළු හමුදාවන් සහ ජනතාව පෙල ගස්වා කළමනාකරණය කරපු විරුවා, කොළඹ නගරය අලංකාරම නගරය බවට පත් කරපු දක්ෂ පරිපාලකයා ගැන විශ්වාසය තබමු. ඔහු බෙදුම්වාදයට සමාවක් නොදෙන පුද්ගලයෙකු බවටත්, දක්ෂ පරිපාලකයෙක් බවත් අතීතයේදී අපට ඔප්පු කර ඇත. ඉතින් කට මැත දොඩවන නොදන්නා දෙවිවරුන්ට වඩා දන්නා මිනිසා වඩාත් හොඳ බව සිතට ගන්න. සෑම චන්දයකදීම ඔබගේ යුතුකම ඉටු කරන්න
උගතුන් උවත් මහාචාර්යවරු උවත් කොතරම් බුද්ධි හීනයන්ද යන්න ඔබතුමා ලංකාවට පසක් කර දී තිබේ. රනිල් ගැන ඔබ කියූ දේ අවංකවම කිවේ ,ඔබේ වයස අනුව අඩුම වශයෙන් රනිල් ගැන වසර 20 කට වඩා දැනුමක් ඔබට තිබිය යුතුය. වසර 20 කින් වත් මිනිසෙකු ගැන අවබෝදයක් ලබා ගත නොහැකි මහාචාර්ය පට්ටම් කුමටද? ඔබලා එක්ව රට විනාශ කල නිසා
ජනතාව රැවැට්ටුවා කියලා තමා පිළිගන්නවානම් සාප කරගෙන වැඩක් නැහැ
තවත් අපි ඔය කියන දේවල් වලට ඇහුම්කන් දෙන්නේ නැහැ...
ඔයාලා කියපු බොරු විශ්වාස කරපු අපි 2015 ට කලින් තිබුන සංවර්ධනය වෙම්න් ආපු අපේ රට විනාශ කර ගත්තා අද මේක නැවත ගොඩ ගන්න බැරි තත්ත්වයට වැටිලා ඉවරයි.
එතකොට මෙයාලාගෙ පස්සේ ගිය ලක්ෂ හැටදෙකට සාප කරන්න ඕනේ අපිද?
රටේ ජනතාව ගොනාට අන්දලා, රටම විනාශකරපු අය.
ඈයි මේ මනුස්සයට බනින්නෙ? ඇත්ත නේද කියන්නෙ? එතුමා හැදුවෙත් මේ රටට සේවයක් කරන, රට හදයි කියල බලාපොරොත්තු දීපු කට්ටියක් ගේන්න නේද? උන් සත්තු උනා කියල මෙයා මොනා කරන්නද? හොද හිතින් රටට ඔබින දෙයක් කරන්න නේද මේ මහතා හැදුවෙ? හිටපු අය හොද උනානම් වෙනසක් කරන්න තිබුනෙ නෑ නේද? එක දෙයක් ඔප්පු උනා. මේ රටේ නීතිගරුක, ජනතා මතයට වෑඩ කරන එක දේශපාලකයෙක් නෑ.
ලංකාවේ ජරා අසීලාචාර මිනිස්සු යම් පුද්ගලයෙකුට විරුද්දව චෝදනාවක් සොයාගන්න බැරි වෙනකොට එම අය ඩොලර් කාක්කෙක් NGo කාරයෙක් කියා හන් වඩු ගැහීම පුරුද්දක් කරගෙන. මෙතුමා සැමවිටම තමන්ගේ වාසි ප්‍රයෝජන බලප්රෝත්තුවෙන් වැඩ කල අයෙක් නොවේ. රට වෙනුවෙන් එඩිතරව එදිරි පත් වූ අයෙක්. මේ රජය පිහිටවීමෙන් බලාපොරොතු වුනු තරමට ප්‍රතිපල ලබා ගැනීමට නොහැකි වුනු බව ඇත්ත. එයට ප්‍රදාන හේතුව රටේ නායකයාගේ අනෙක අඩුපාඩු හා දුර්වලතාවයන්. කෙසේ නමුත් රට විශාල ප්‍රපාතයකට නොවැටී බේරාගැනීම ගැන එතුමාට ස්තුති කල යුතුයි. පසුගිය රජය රටට හොද වැඩ මෙන්ම නරක වැඩ ද සිදුවුණා. විදෙස ප්‍රතිපති නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ජාත්‍යන්තරයෙන් කොන් වී ආරථික සම්බාදක පැනවෙන තරමට පත් වුණා. මේවා දේසපාලනය ගොස්තරය කරගත් අයට මතක නැහැ. මහින්ද මහතා අවුරුදු දෙකකට කලින් ආණ්ඩුව විසුරුවා හැරියේ මන්ද කියා වත් තේරුම් ගැනීමට නොහැකි අය සිටීම පුදුමයක් නොවේ,
හොඳක් කරන්න යන කිසිවෙක් බැනුම් අහන් නැතුව ඉතුරුවෙන්නේ නැහැ. ඒක තමා අපේ රටේ හැටි.
දේශපාලකයන් විශ්වාස කරන්න අමරුයි. සෝභිත හාමුදුරුවෝ පැතූ යහපත් රට වත්මත් නායකත්වයට ඉටුකරන්න බැරිවෙලා තිබෙන්නේ. හැමදාම ඡන්දය දෙන ජනතාව තමයි රැවටිලා තිබෙන්නේ.
අනේ අපේ මිනිසුනේ දැන්වත් පාට කන්නාඩි ඉවත් කරන්න. උන් නුබලා මෝඩ හරක් කියලා හිතපු කාලේ අවසන් බව හිතන්න. රට ගැන හිතන්න. දරුවෝ ගැන හිතන්න.
මෙයාලගෙ කට වැඩ කරන්නෙ NGO සල්ලි බලෙන් වෙන්න ඕන.
දාල තියෙන කමෙන්ට්ස් සංඛ්‍යාව බලපුවාම මැනගන්න පුළුවන් මහාචාර්යතුමාගේ වටිනාකම. මේ රටේ බැනුම් අහන්නේ නැත්තේ කවුරුද? බුදු හාමුදුරුවන්ටත් බැනලා තියෙනවනේ.
මේකෙ කමෙන්ට් කරන අය නම් කවදාවත් ජීවිතේට වැරැද්දක් නොකරපු හරිම සර්ව සාධාරණ විදියට සල්ලි හොයන කවුරු හරි බලෙන් කීයක් හරි වැඩිපුර නොදුන්නත් නොගන්න හරිම සිල්වත් අය වෙන්න ඕනේ.
ඔක්කොම වුණාට පස්සේ සාප කරගෙන හරි යනවද? මේකෙන් පේන්නේ ඔබතුමන්ලාගේ වගකීමක් නැති බව නොවේද? තමන් තීරණයක් ගන්නවනං ඒ ගැන පෙනී සිටින්න පුළුවන් වෙන්න ඕනේ... ඔබලා මෛත්‍රි, රනිල් වැනි දුර්දාන්ත පිරිසකගේ පැත්ත ගත්තේ මේ බවට කලින් අධ්‍යයනයක් සිදු කර නෙවෙයිද? මොවුන්ගේ බල ලෝභී ස්වභාවය පොඩි මිනිසුන්ට පවා පෙනෙද්දී ඔබලා වසර ගණනාවක සිටවත් දැක්කේ නැත්තේ ඇයි? මේ හැම දේකින්ම අන්ත අසරණ වුනේ ඔබලාට වඩා ඒ අහිංසක මිනිස්සු. ඒ නිසා කරුණාකර යමක් හරියට තේරුම් ගන්න බැරි නං මිනිසුන් අමාරුවේ නොදා පැත්තකට වෙන්න. ඔබතුමන්ලා නිහීන ගති ඇති තුච්ඡ නොමිනිසුන් රැලක් බලයට පත් කිරීමට පාර සකසා අවසානයේ විහිළුවක් බවට පත්වී ඉවරයි. දැන්වත් අහිංසක ජනතාවට තීරණ ගැනීමට ඉඩ සලසා දෙන්න.
කවුරු කොහොම කිව්වත් මම නම් මෛත්‍රීට ජනපති වීමට මම ඡන්දය දුන්නේ එදාවෙමින් තිබුණු හානි වළකන්නයි. එ්ක සිද්ධවෙලා තියනවා. ස්වාධීන කොමිෂන් පිහිටුවලා ජනපතිවත් කන්ට්‍රෝල් කරලා. සුදු වෑන් නැහැ. ජාතිවාදය රජකාලේ ඉඳලා තියනවනේ. බණ්ඩාරනායකත් චෙල්වට උතුරු-නැගෙනහිරට දෙමල පාලනයක් දෙන්න ගියේ 1972 දී දෙමල-මුස්ලිම් එකතුවී, උතුරු නැගෙනහිරට වෙනම ඊලමක් බිහිකරගන්න අවසාන ලේ බින්දුව දක්වා සටන්කරනවා යයි ලේ වලින් අස්සන් කර සිරිමා රජයට විරුද්ධව මහා උද්ඝෝෂණයක් කර 1975 දි යාපනේ නගරාධිපති දොරේඅප්පා මරා ඊලාම් යුද්ධය අරඹා ආණයනය අපනයනය ඒකාධිකාරය සතු ඔවුන් ආහාර ඇතුළු සියලු භාණ්ඩ හිගයක් රටපුරා ඇතිකර තිබියදී, JR බලයට විත් හමුදාව 12500 සිට 55000ක් කර අලිමංකඩ ඇතුළු මුහුද වටේ කදවුරු බැඳ LTTE යාපනයට සීමාකර ඉන්දියාවටත් පාඩමක් උගන්වා ජය ලබද්දී බලය අතහැර යන්න වුණත් මහින්දගේ කාලේදී (2005දි) ෆොන්සේකා යුද්ධය දිනුවා විතරයි හිස්බුල්ලලා, අසාද්සාලිලා, බදියුදීන්ලා මහින්දව අල්ලගෙන පෝෂණය වුණා. ඒ මුස්ලිම් සමාජය අස්සේ වැඩුණු අන්තවාදීන් අප්‍රේල් 21 බෝම්බ පිපිරෙව්වා. එජාපය දැන් මේකටත් මුහුණ දෙන හැටි පේනවද? ඉස්සර වගේම පේන්නේ නැහැ නේද? වෙනදේ වෙයි...
මොවුන්ට මොවුන්ම ශාප කරලා මදි. අපි ශාප කරන්න ඕනේ අපිව ගොනාට ඇන්දුවාට.
මීට වසර 40කට කලින් ඔබේ ප්‍රකාශයට ජනතාව ඇහැව්වේ එක වචනෙක ප්‍රශ්නයක්. "දවල්ද?". එහෙම නැත්නම් වචන දෙකක ප්‍රශ්නයක් "වලිගේ පෑගිලාද" හෝ "පිස්සු ඩබල්ද". නැත්නම් වචන තුනක ප්‍රශ්නයක් "අංගොඩ යන ගමන්ද" හෝ ""කොහෙද යන පිස්සෙක්"...
මෙවැනි අය කටපාඩම් කරලා විභාග පාස්වෙලා විෂයට අදාළව මහාචාර්ය වුණාට මොන්ටිසෝරි යන කුඩා දරුවෙකුගේ තරම්වත් බුද්ධියක් නැහැ. රටට, ජාතියට දහමට විනකරන තමුන්නාන්සේලා වගේ අය දැන් තමුන්ටම සාප කරගෙන රටට අත්වෙන යහපතක් නැහැ. බර කළුගලක් බැඳගෙන මුහුදට පනින්න.
ඔයාට කීයක් හම්බවුණාද?
මම ඉතාම කැමති පුද්ගලයා වන්නේ පවතින දේශපාලනය ක්‍රමය අහෝසි කර නගර හෝ ප්‍රාදේශීය හෝ පළාත් හෝ සභාවන්වලට සහ පාර්ලිමේන්තු වලට පත්කරන්නන් විධිමත් ක්‍රමයක් තුලින් විද්වත් සහ ප්‍රයෝගික කළමනාකරණයකින් සන්නද්ධ මඩුල්ලකගේ තෝරා ගැනිමකින් බුද්ධිමතුන් සහ රටට ජාතියට ආගමට ආදරය කරන්නන් පත්කරගන්නා නායකයෙකුට පමණි. විශේෂයෙන්ම අපගේ හමුදා නිලදාරීන් සියලුම රාජ්‍ය ආයතනවල වැඩ අධීක්ෂණය සදහා යෙදවිය හැකි ක්‍රමයක් සැකසිය යුතුමය.