
(සුජිත් හේවාජුලිගේ )
කුමන කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වුවත් එම ආසාදනවලින් බරපතළ සංකූලතා ඇතිවී මියයෑම දැනට මෙරටේ භාවිතා කෙරෙන සියලුම එන්නත්වලින් පැහැදිලිවම වළක්වන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවැසුවාය.
මේ තත්ත්වය නිසා ඉහළ ප්‍රමුඛත්වය දක්වා කොරෝනා මර්දන එන්නත වහා ලබා ගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඇය සඳහන් කළාය .
" රටේ තියෙන්නෙ ඇල්ෆාද බීටා ද ගැමාද ඩෙල්ටාද කියන මොන සැර ප්‍රභේදය වුණත් ප්‍රශ්නයක් නැහැ .ඒ සියලුම ආසාදනයන්ගෙන් සිදුවන මරණ දැනට තියන එන්නත්වලින් වළක්වනවා" යැයිද
මලවිගේ මහත්මිය පැවසුවාය .
එන්නත ලබා ගැනීම මග නොහරින ලෙසද මහාචාර්යවරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් තම්මිට අමිල සංජීව වෙද මහතාගේ පැණිය ගන්නේ, ඔය බටහිර දේවල් විශ්වාස නෑ..
ලංකාවේ මහාචාර්යවරු ඉනනවද?මොකද්ද දන්නේ නහැ කරන්නේ
ලංකාවේ බොහෝ මහාචාර්යවරුන් ගැන හරියටම කියන්න බැහැ... සමහරක් අයට මෙලොව ප්‍රායෝගික දැනුමක් නොමැත.. ඔය මහාචාර්යවරුන්ගේ පොතෙන් ගත්ත වචනවලට වඩා වෙදමහත්මාගේ කසාය මුට්ටිය ගැන විශ්වාසය තැබිය හැකිය...
අපි රටින් ගෙනැල්ලා ගහ ගන්නයැ එන්නත.... අපේ ග්‍රාමසේවා වසම මේ රටටම නවතම සංචරණ සීමා පනවන්න කලින් මැයි මස දින 21 කාලයක් ලොක්ඩවුන් කරලා තිබුණේ ඒ එක්කම රටටම බලපාන සීමාවන් පනවනු ලැබුවා. කලින් කිය කියා සිටියේ අපේ වසමට එන්නත දෙනවා කියලා මොකද අවදානම් කලාපයක් කියලා (එහෙම තමයි අපට ආරංචි වුනේ ). නමුත් අවට සමහර වසම් වලටත් රටේ අන් සමහර පළාත් වලටත් එන්නත දුන්නා අපට වගේ වගක් වත් නැහැ. අප වසමටත් දුන්නොත් අපිත් විදගන්නවා තමයි. නමුත් මට හැඟීයන්නේ නම් රටට එන්නත විදීමට නිසි ක්‍රමවේදයක් නැහැ කියලා ඔය මොන මාධ්‍යවලින් කිව්වත් නිසියාකාරව සිදුවෙනවා කියලා. මිනිසුන්ව ගොනාට ඇන්දවීම තමයි කරන්නේ...
එන්නත ගත්තේ ඉතා කැමැත්තකින්. දැන් ඇස්ට්‍රාෙසනෙකා අරන් මාස 3 ජුනි 10. දෙවන මාත්‍රාව නෑ. රෝගය බෝවීමේ ප්‍රවණතාවය වැඩියි... මේ ගැන මොනවද කියන්නේ?
ඔබතුමිය කිව්වා බස් නැවතුම් පළේ විෂබීජ හරණයට මදුරුවෝ මරනවා වගේ බෑ කියලා... එහෙමනම් පිළියම මොකක්ද? එන්නත කවදා අපේ ගමට කවදා ඒවිද? ආවොත් ශුවර් ගහනවා..
එන්නත් ආයතනවලින් කීයක් හම්බ වුණාද? එන්නත් ආයතන වලට කඩේ යන්න එපා. පුලුවන් නම් අපේම දෙයක් හදලා පිටරටට යන සල්ලි කන්දරාව නවත්වන්න.
මහාචාරයතුමිය හිතුවාට එන්නත විදගැනීමට අකමැති වීමේ ගැටලුවක් තියෙනවා කියල එහෙම ප්‍රශ්නයක් නැහැ. ගහන්නේ නැහැ කියන එකනේ ප්‍රශ්නය. අපේ උගත්තු මෙහෙමමයි. කරන්න තියෙන දේ නෙමෙයි කරන්නේ...
හා හරි හරි... අපිම හොයාගෙන එන්නත විදගන්නනේ ඕනේ... කඩේ යනවා කියලා මෙහෙම මෝඩ කතා කියන්න එපා. ඉස්සෙල්ලාම එන්නත් ටික ගෙන්න ගන්නකෝ..