IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මෙහෙකාර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරයි

(නිමන්ති රණසිංහ)

මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී පිළිස්සී මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය සම්බන්ධ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය  අද පේරාදෙණිය ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ, ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන හා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ යන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මඬුල්ල විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරනු ලැබූ බවද ඔහු පැවසීය .

අද (31) උදෑසන 8.30 සිට සවස 5.15 දක්වා පැය 9ක කාලයක් පුරා මරණ පරීක්ෂණ කටයුතු සිදුකළ බවත්, දැරියගේ මෘත ශරීරය සී.ටී ස්කෑන් පරීක්ෂාවකට ලක්කර ඇති බවත් හෙතෙම පැවසීය.

දැරියගේ මෘත ශරීරයේ අභ්‍යන්තර තුවාල, අස්ථි බිදීම් ආදි කරුණු පිළිබඳව සොයාබැලීම සඳහා මෙම සි ටි පරීක්ෂණය සිදුකළ බව ඔහු සඳහන් කළේය.

 



අදහස් (2)

මෙහෙකාර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරයි

vasanthi Tuesday, 03 August 2021 03:39 PM

ළමා මෙභෙකාර සේවය නීති විරෝධියි... මෙවැනි දේවල් කරන සෑම කෙනෙකුටම තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි... දරුවන් සුරකින එක රජයේ කාර්යයක් සහ වගකීමක්... දැනටත් මෙවැනි නීතිවිරෝධී දේ කරන මිනිසුන් ගැන සොයා බලන්න. ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දන්වන එක අප සැමගේත් යුතුකමකි.

:       0       0

sampath Tuesday, 03 August 2021 09:44 PM

ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් බොහොමයක් නිලධාරීන් පඩි නඩි , වාහන ,තෙල් ,දුරකථන ගන්නවා .මේ දරුවාට කරපු අපරාධයට මුළු සමාජයම වග කිව යුතුයි. ඒ වගේම ළමයින් සම්බන්ද වග කිවයුතු ආයතන ලොක්කන් ඉල්ලා අස් විය යුතුයි .නිකන් පුටු රත් කරලා මොකටද .ගමේ ළමයෙක් ගෙදර නැතිනම් ග්‍රාම නිලදාරීන්, ළමා කටයුතු පිලිබඳ නිලදාරීන් , හෙවුවද .එහෙම හෙවුවනම් අනාවරණය වෙනවා ගෙදරින් පිටින්නේ කියලා .දැන් අශ්වයා ගියාම ස්තාලේ වහල මොකටද පවු ඒ අහිංසක දරුවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site