
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පුර්ණ වාර්තාවක් අද (12) ලබාදෙන ලෙසත් එම වාර්තාව කාර්තු දෙකක අවශ්‍යතාව ලෙස සකස් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය.
මෙරටට ඖෂධ ආනයනය කරන රටවල්, එම ඖෂධ පිළිබද තොරතුරු, දේශීයව නිෂේපාදනය කරන ඖෂධවලට අදාළ තොරතුරු ලෙස වාර්තාව ලබාදෙන ලෙස එහිදී සෞඛ්‍ය අමාතයවරයා ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සමන් රත්නායක මහතාට වැඩි දුරටත් උපදෙස් දුන්නේය.
මෙම රැස්වීමට ඖෂධ නිෂේපාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු නිලධාරීහූ සහභාගී වූහ.
COMMENTS
ඒ ඩියුටිය බාර වෙනත් ඇමතිවරයකු නේද?