(ඉන්දිකා රාමනායක)
මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා රට පුරා සිදුකළ මෙහෙයුම්වලින් රුපියල් කෝටි 900 වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 15000 ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම මත්ද්‍රව්‍ය තොග අතර හොරොයින් කිලෝ 473 ක්, අයිස් වර්ගයේ මත්ද්‍රන්‍ය කිලෝ 300 ක්, ගංජා කිලෝ 3485 ක ප්‍රමානයක් තිබු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
හොරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 12890 දෙදෙනකු, අයිස් සම්බන්ධයෙන් 1457 දෙනකු , ගංජා සම්බන්ධයෙන් 8509 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිසිය, විශේෂ කාර්ය බලකාය ,නාවික හමුදාව, රේගුව, වෙරළ ආරක්ෂක බලකාය, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන අංශවවල සහයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම මත්ද්‍රව්‍ය බොහොමයක්ම ජාත්‍යන්තර මුහුදේ සිට දකුණු මුහුදු සහ උතුරු මුහුද ආශ්‍රිතව බෝට්ටුමගින් රැගෙන ආ මත්ද්‍රව්‍ය බවද හෙතෙම කියා සිටියේය.
මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයව සහ ප්‍රවාහන කරන ප්‍රධාන සැකකරුවන් 40 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අතර මෙම මත්ද්‍රව්‍ය ජාතයන්තරව මෙහෙයවන පුද්ගලයන්, දේශිය වශයෙන් මෙහෙයවනන් සහ ලංකාවට බොට්ටුමගින් රැගෙන ඒමට දායක වු බෝට්ටුකරුවන්, බෝට්ටු පදවනන් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
COMMENTS
අල්ලන මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ?
අල්ලන මත්කුඩු වලට මොනවද වෙන්නේ..?
ඒ වුණාට කිසිම දවසක ඕවා ගෙන්වන ලොකු ලොක්කෝ අල්ලා ගන්නවා දකින්න නෑ නේද?
හොඳ වැඩක්... දිගටම කරගෙන යන්න. ජයවේවා..!!!
රට ඇතුලට මේ බඩු එන එක නවත්තන්න බැරි ආරක්ෂක අංශය , රට ඇතුලෙ ඒවා කවදා ඉවර කරන්නද