(තරිදු ජයවර්ධන)
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය මැයි මාසයේ සිට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරනු ලැබූ කිලිනොච්චිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ එම උසස්වීමට අදාල විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (25) නිකුත් කළේය.
එලෙස උසස් කරන ලද පාලිත සිරිවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කෑගල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරන බවට කරුණු 10ක් සදහන් කරමින් මීට පෙර එම කොමිසමේ සභාපති නීතීඥ පී එච් මනතුංග මහතා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවා තිබිණි. ඊට අදාල කරුණු ඉටු කිරීම සදහා ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයාට සති දෙකක කාලයක් ලබා දුන් අතර එම සති දෙක ඇතුළත දී කරුණු 09ක් ක්‍රියාත්මක කළ බවත්, පාලිත සිරිවර්ධන මහතා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස් කිරීමේ පොලිස් පණිවුඩය නිකුත් කිරීමත් සමග පොලිස්පතිවරයා එම කරුණු 10ම ක්‍රියාත්මක කර ඇති බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
පොලිස් කොමිසමෙන් ලබා දුන් උසස්වීම ලබා නොදීම සම්බන්ධයෙන් පාලිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද පවරා ඇති අතර ඊට අදාලව අතුරු නියෝගයක් ලබා දෙමින් පොලිස්පතිවරයාට එම උසස්වීම නැවැත්විය නොහැකි බව අධිකරණය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
322
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස පහකට පසු කොමිසමේ නියෝගය පොලිස්පති ක්‍රියාත්මක කරයි
Manjula Friday, 26 October 2018 02:43 AM
මෙයා තාම ඉන්නවද?