IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මුස්ලිම් සිසුවියට බුද්ධාගම - සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ

(අයි ආර් ඉන්දික)

අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණිය සමත්වුවාය.

ඇයගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන යන අයකු වන අතර මව ගෘහනියකි.

පවුලේ දෙවැනියා වු අයිෂා අමිනා දියණිය තම ජයග්‍රහණය සම්බන්දයෙන් මෙසේ කියා සිටියාය.

මම විභාගයට පෙර සිටම අරමුණක් තිබුණා. එක අරමුණක් සිට කටයුතු කළා .ඉලක්කයත් තිබුණා. වැඩිපුර විභග ප්‍රශ්න පත්‍රවලට හොදින් පෙනි සිටියා .බුද්ධ ධර්මය විෂය ඉගැන්වු ජිනරතන ස්වාමින් වහන්සේ ,ඉදුනිල් ,නුවන් , සුපුන් ,නලින් ,ලාලක, පංතිභාර ගුරුතුමා සුපුන් සර් ,අංශ ප්‍රධාන මංජුල යන සර්ලා මේ ජයග්‍රහණය පිටිපස්සේ හිටියා .මට යාලුවෝ වගේ උදව්කලා .මට නිදහසේ අධ්‍යපන කටයුතු කරගන්න උදව්කරපු මගේ මව්පියන්ට ස්තුතිය පුදකර සිටිනවා.

ප්‍රශ්න පත්‍ර වැඩිපුර කරන්න ගුරුවරුන්ට කීකරුවෙලා වැඩකරන්න කියලා මම ඉල්ලවනවා. මගේ බලාපොරොතුව ඉංජිනේරුවරියක් වෙන්න . ඒ වෙනුවෙන් ගණිත විෂය උසස්පෙළට හදාරන්න සුදානම් වෙනවා .



අදහස් (40)

මුස්ලිම් සිසුවියට බුද්ධාගම - සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ

Raveendra Saturday, 25 September 2021 10:18 AM

දුවේ ඔබට අපගේ උණුසුම් සුබපැතුම්...!!! අන්තාවදීන්ට නොරැවටී හොඳින් ඉගෙනගෙන තමන් උපන් රටට අවංකව තම යුතුකම්, වගකීම් ඉටුකිරීමට ඔබට අවස්ථාව උදාවේවා...!!!

:       4       92

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 25 September 2021 10:27 AM

දක්ෂ දිරිය සිසුවියට අප සැමගේ ප්‍රණාමය...!!! මේ ලෙස සමත් වන දරුවන් ජාති භේද ආදී පටු අරමුණු ඉවත දා රටේ පාලනයටද පැමිණිය යුතුයි. රට දියුණු කළහැකි වනුයේ ඔවුන්ටයි. එසේ නොමැතිව රට රවටන නූගත් අනුවණ පවුල් පාලනයන් වලට නොවේ...

:       4       77

ganegoda Saturday, 25 September 2021 10:34 AM

අපෙන් සුබ පැතුම්..!!!

:       3       61

Keppetipola Saturday, 25 September 2021 10:49 AM

ඔබ ගැන ආඩම්බරයි දුවේ... ඔබේ අනාගත බලාපොරොත්තු ඉෂ‍්ඨ වේවා..!

:       4       57

jagath Saturday, 25 September 2021 10:57 AM

කපන කොටන, තම මූලධර්මයට විරුද්ධ අය ඝාතනය කරන ‘‘ජිහාඩ්‘‘ න්‍යායෙන් මිදී, එක බිරිඳක්, එක ස්වාමි පුරුෂයෙක් සමග ජීවත් වන ධර්මය කොතරම් නිර්මලයිද? ඔබට මම නිර්මල බුදුදහමින්ම ආශීර්වාද කරමි.

:       10       59

weera Saturday, 25 September 2021 11:30 AM

ලොකු සතුටක් දැනෙන්නේ.., ඉදිරියට යන්න මගේ සුබපැතුම් ... සිංහල , බුද්ධාගම, දෙමළ වලට වගේම අනිත් විෂයන් සේරටමත් A9 ගත්ත මුස්ලිම් දුවක් ඉන්නවා. ජය ලැබූ සේරටම මගේ සුබපැතුම්...!!!

:       2       49

කනිෂ්ක Saturday, 25 September 2021 11:39 AM

අයිෂා දුවට සුබ පැතුම්..! ඉදිරි අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න...

:       2       41

kumara Saturday, 25 September 2021 11:49 AM

සියලු අහිංසක බලාපොරොත්තු සියලු ආකාරයෙන් සාර්ථක වේවා නංගී...!!! දෙවි පිහිටයි..!!!

:       2       37

SUNIL MILANO Saturday, 25 September 2021 12:38 PM

දුවේ නුඹට හදවතින්ම සුබ පතනවා. සියලුම අභියෝග ජයගෙනමතු දවසක තම මව්බිම උසස් තත්වයකට පත්කිරීමට වාසනාව ලැබේවා. බුදුසරණයි..!

:       3       33

G.D.Dayaratne Saturday, 25 September 2021 12:48 PM

ඔබට දීප්තිමත් අනාගතයක් පතමි.

:       1       31

srnath Saturday, 25 September 2021 01:21 PM

සංහිදියාවේ පුර්වාදර්ශ. තෙරුවන්සරණින් ජයම වේවා.

:       2       35

Rohana mawelage Saturday, 25 September 2021 01:42 PM

ඔබට ජය වේවා ..!!!

:       2       22

fran hassan Saturday, 25 September 2021 01:57 PM

මගේ අක්කගේ පුතාත් ඒ 9... බුද්ධ ධර්මයට ඒ. පුතා යන්නේ නුගේගොඩ ඉස්කෝලයකට... අපිව ඈත් කළේ ඔය දෙකේම ඉන්න අය...

:       6       45

අනුප් කරුණානායක Saturday, 25 September 2021 02:05 PM

දියණිය ඔබ ගැන හරි ආඩම්බරයි. ඔබගේ ඉදිරි අනාගතය ජයෙන් ජයමවේවා...! තෙරුවන් සරණයි..!

:       2       23

අතුල සෞදි Saturday, 25 September 2021 02:33 PM

තවත් එක් මලාලා කෙනෙක් නොවන්න (කාගෙවත් රූකඩයක්)... මොකද ඉදිරියේදී ඔබව ඉලක්ක කොට යම්යම් සංවිධාන ඔබ කරා පැමිණිය හැක. ඔබගේ අරමුණු කරා යන්න. ඔබට ජය හා ශක්තිය පතමි...

:       1       17

Lal Saturday, 25 September 2021 03:04 PM

අපට හරිම ආඩම්බරයි ඔබ ගැන... හදවතින්ම සුබ පැතුම්...!

:       2       17

W. P. C. Wepola Saturday, 25 September 2021 03:15 PM

ඉගෙන ගැනීමේදී ජාති භේද, ආගම් භේද අදාල නැත. සිංහලයෙක් දෙමළ ඉගෙනීමද, බෞද්ධයෙක් කතෝලික ආගම ඉගෙනීමද කිසිම වරදක් නැත. එය ජාතික, ආගමික සමගියටත් උපකාරයකි. එම ශිෂ්‍යාවට සුබ අනාගතයක් පතමු. ජයවේවා...!

:       2       22

RaveendraSaturday, 25 September 2021 03:39 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. ඇත්තෙන්ම විය යුත්තේ එයයි...

:       3       13

Bishan Saturday, 25 September 2021 03:18 PM

මේ මුස්ලිම් දරුවා ඇරෙන්න අනිත් මුස්ලිම් ඔක්කොම නරකයි...

:       28       6

AMINAMonday, 27 September 2021 10:39 AM

සුබ පැතුමි

:       0       0

Hafeel Saturday, 25 September 2021 03:30 PM

හොඳ ආදර්ශයක් ආයිෂා. ඔබට උණුසුම් සුබපැතුම්. ඔබගේ අනාගතය සහ බලාපොරොත්තු සාර්ථක වේවා..!.

:       2       16

පිටරැටියා Saturday, 25 September 2021 03:55 PM

නමින් බෞද්ධයින් වුණාට කිසිම දැනුමක් නැති අය... අපි ඕනෑහැටියේ දැකලා තියෙනවා. ඔබ ගැන හරිම සතුටුයි .

:       2       12

පැරකුම්Saturday, 25 September 2021 10:05 PM

පුලුවන්නම් ඉස්ලාම් ධර්මයට ඒ සාමාර්ථයක් ගත්ත බෞද්ධ ළමයෙක් පෙන්නන්න මම තෑග්ගක් දෙනවා.

:       0       5

janahithaTuesday, 28 September 2021 09:09 AM

චීනයේ සෑම භාෂාවක්ම, ආගමක්ම ඉගැන්වෙන කොටසක් තියෙනවා. එතැන ලංකාවේ සිංහල දෙමළ, මුස්ලිම් ළමයින් ඉගෙන ගන්නවා.

:       0       0

Nihal Dharmatileke Saturday, 25 September 2021 04:34 PM

ඔබට සුබ පතන අතර, ඔබ වෙනුවෙන් කැපවූ ගුරුමණ්ඩලයටත් ස්තුතියි..

:       2       10

GaminiP Saturday, 25 September 2021 04:53 PM

විශිෂ්ඨයි... අපි උදව්කරන්න කැමැතියි. කරුණාකර ගිණුම් අංකයක් සඳහන් කරන්න.

:       4       7

නිශාන්ත Saturday, 25 September 2021 06:25 PM

දියණියනි, ඔබට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා...

:       2       7

දසුන් Saturday, 25 September 2021 07:03 PM

සුභ පැතුම්

:       2       1

නිශාන්ත Saturday, 25 September 2021 07:30 PM

පාසලේ ගුරුවරුන්ටත් ස්තුති කරන්න ඕන

:       1       3

Nalin Hemapala Saturday, 25 September 2021 09:05 PM

මෙය ශ්‍රේෂ්ඨ ආරංචියක්.මේ දැරිය සිය සියලු විෂයයන් උසස් ලෙස සමත් වන බව ඇසීම ගැන මම ඉතා සතුටු වෙමි. විශේෂයෙන්ම බුදු දහම උපන් ආගම ඉස්ලාමය බැවින් අද තරුණ සමාජය තුළ ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් පාසැල් විෂය මාලාවෙන් අනවශ්‍ය ක්‍රියාකාරකම් වලින් සිරවී සිටිති. සමාජ මාධ්‍ය වෙබ් අඩවි කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැනි සමාජ ක්‍රියාකාරකම් හේතුවෙන් බොහෝ දෙනෙක් තම අධ්‍යාපන සීමාවෙන් පිටතට ගොස් ඇත. ෆේස්බුක් ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් යනාදිය.

:       1       2

Donald Saturday, 25 September 2021 09:10 PM

දුව ඔයාට සුබ පතනවා, ගොඩක් සතුටුයි. ඔයාගේ උත්සාහය තව තවත් වැඩි කරගන්න.

:       1       1

කේ. පී. රොහාන් Sunday, 26 September 2021 08:22 AM

හරිම සතුටුයි... මොන ආගමක වුණත් වෙන්න ඕනේ මේක තමයි.. අපි ඉපදුණු රටට වැඩදායක දරුවන් පිරිසක් තමයි බිහිවෙන්න ඕනේ.. ආගම් බෙදාගෙන කුලල් කාගන්න නෙමෙයි. අපේ ලේවල නෑ ආගම, ජාතිය, කුලය... ඉන්න ටික කාලේ සියළුම දෙනා හොඳින් ඉන්න ඕනේ... බුදුසරණයි! දෙවි පිහිටයි!

:       1       1

නිශ්ශංක Sunday, 26 September 2021 09:59 AM

පුතේ...මම ඔයාට ප්‍රතමයෙන් සුබ පතනවා.... අපේ වගේ රටක ඉහල තනතුරක් හෝ ඉහල සමාජ තලවල ජීවත් වෙන්න බහුතර ජන කොට්ඨාශය සමග සමගාමී අධ්‍යාපන රටාවක් පවත්වා ගන යා යුතුයි යන්න මගේ අදහස .... ඔයාට පුතේ ගොඩාක් ඉක්මනට ඔයාගේ ඉලක්කයන් වෙත පිවිසීමට හැකි වේවි කියලා මට හිතෙනවා උසස් පෙලත් මේ වගේම ඉහලින් සමත් වෙන්න

:       1       2

fairoos Sunday, 26 September 2021 12:09 PM

සුබපැතුම්...!!!

:       0       1

අජිත් ජයතිලක Sunday, 26 September 2021 01:58 PM

අමීනා අයත් වන්නේ බුද්ධිමත් අනාගත ලෝකයටයි. ලෝකයේ අනාගතය සුන්දර කරන්නට ඇයට සියලු භාග්‍යය ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

:       0       2

Mohemmed durfhikahan fathima afshana rishma Sunday, 26 September 2021 03:33 PM

ඇත්තටම හොදයි

:       0       2

Charles Monday, 27 September 2021 02:19 AM

දරුවෝ ගුරුවරුන්ට ස්තුති කරනවා හැබැයි මේ අදර්මිස්ෂ්ට පාලකයෝ ගුරුවරුන්ට (කාලකන්නි ලු ) පව් දරුවෝ මහන්සියෙන් වපුරනවා. පාලකයෝ ඉහගෙන කනවා.. මෙදරුවන්ට නිදහසේ පිපී දිලෙන්න ලැබෙන්න කියලා අල්ලා දෙවියන්ට කියමු.

:       1       2

Seela Monday, 27 September 2021 06:43 AM

ඔබට සුබ පැතුම් දුව. ඔයාට බුදුසරණයි.

:       0       2

Fathima Insha Monday, 27 September 2021 10:34 AM

සුබ පැතුම් ආයිෂා ☺☺ මමත් O/L වලට A9 ගත්තා

:       0       0

sanjeeva Wednesday, 29 September 2021 11:39 AM

කෙදිනක හෝ සිංහල බෞද්ධ දරුවෙක් ඉස්ලාම් ආගමට විශිෂ්ඨ සාමාර්ථයක් ගත් දිනයක මම බෙහෙවින් සතුටු වෙමි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 735 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 540 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2213 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2218 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 233 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2650 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site