(අජිත්ලාල් ශාන්තඋදය)
නිවිතිගල කලවාන පාරේ ගැටනිගෙවත්තේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ගල් ගැසූ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු අද (18) අත්අඩංගුවට ගත් බව නිවිතිගල පොලිසිය පවසයි.
නිවිතිගල නගරයේ මෝටර් රථ අලුත්වැඩියා කරන්නෙකු ඇතුළු දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නිවිතිගල නොරගොල්ල හා උඩකරවිට, පිංකන්දවත්තේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් ත්‍රිරෝද රථයකින් ගොස් මුස්ලිම් පල්ලියට ගල් ගසා ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.
ගල්වැදීමෙන් පල්ලියේ වීදුරු කිහිපයක් බිඳී අලාභ හානි සිදුවී තිබෙන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
මග හොඳට තිබේ නම් ...යන්න පාරත් පෙනේනම් ...කිමද බැදිවල යන්නේ........
ගෝඨාගේ දිව්රුම් දීමෙන් පසු සුළු ජාතීන්ට කරදර සිදුවන බවට ලෝකයට පණිවිඩයක් දීමට විරුද්ධවාදීන් හෝ එම සුළු ජාතීන් විසින්ම සිදු කරන විකෘර්ති වැඩ. වහාම අත්අඩංගුවට ගත යුතුයි.
ඒගොල්ලෝ ඒගොල්ලෝම වෙන්න ඇති අපි අහක බලාගෙන ඉමු.
මේ වගේ සිද්ධීන් නම් ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න වෙයි. කළ යුත්තේ ආරක්ෂක අංශ සීරුවෙන් තබා සියලු සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමයි.
රටේ නීති රීති සැමටම පොදුවන සේ කටයුතු කළ යුතුය.
රටේ ජනතාවගේ ආරක්ෂාවට බලවත් හමුදාවක් නිසි උපදෙස් විධාන දිය හැකි නායකත්වයක් යටතේ ඇති නිසා මෝඩ ගල් ගසන්නන් අද අප රටට අවශ්‍ය නැත. බල සේනා, මහසෝන් සේනා මින් මතු අවශ්‍ය නැත.
ගල් ගසන්නේ බියගුල්ලන්ය. අපට ප්‍රබල හමුදාවක්, පැහැදිලි නායකත්වයක් යටතේ අද දවසේ ඇත.