IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිගෙන් පොලිසිය පැය 4 ක් ප්‍රශ්න කරයි

(ඉන්දිකා රාමනායක)

අමාත්‍ය රවුෆ් හකීම් මහතා ජාතික කවුහිත් ජමාද් සංවිධානයේ නායකයාව සිටි සහරාන් හෂීම් සමඟ 2015 පැවැත්වූ බව කියන සාකච්ඡාවක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවිවරයාගෙන්  පොලිසිය අද (25) පැය 4 ට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය විසින්  මෙම  ප‍්‍රකාශය සටහන් කරගෙන තිබුණි.

පොලිසිය කළ දැනුම් දීමක් මත මවුලවීවරයා අද පෙරවරු10.00 ට එහි පෙනී සිට ඇති අතර මෙම ප‍්‍රශ්න කිරීම පස්වරු 2.00 දක්වා පැවැත්විණි.

සහරාන් හෂීම් සහ රවුෆ් හකීම් අමාත්‍යවරයා අතර 2015 මහමැතිවරණ සමයේදී සිදුකර ඇතැයි පැවසෙන සාකච්ඡාවක දර්ශන සහිතව මවුලවීවරයා ඉකුත් (18) දින පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්  ඉදිරිපත් කර තිබුණි.

 



අදහස් (15)

මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිගෙන් පොලිසිය පැය 4 ක් ප්‍රශ්න කරයි

වීීීරවිජේ Friday, 25 October 2019 04:40 PM

පොලිසිය නීතියත් එක්ක ‌‌‌ස‌ෙල්ලම් කරනවා. පැමිණිල්ල දාපු කෙනා විතරද වැරදි දැන්...?

:       653       496

ruwan Sunday, 27 October 2019 08:00 AM

මෙච්චර දවසක් මෙයා මේක ඉදිරිපත් නොකලේ ඇයි? හිරේ දාන්න තමයි ඕනේ...

:       1       243

amith Friday, 25 October 2019 05:33 PM

හකීම් බේරගන්න ආණ්ඩුව දරන වෙහෙසක්...!!! දැන් ඉතාම පැහැදිලි පාස්කු ප්‍රහාරය පස්සේ හිටපු දේශපාලුවන් කවුද කියලා...

:       1221       1221

anura Saturday, 26 October 2019 02:32 AM

හකීම්ගේ ඡන්ද ටික ගන්න දාන සෙල්ලම් ටික... හකීම් යහපාලන නායකයා වගේ. චම්පික රණවක මහතාගේ කටවල් වැහිලා වගේ...

:       197       198

සෙනෙවි Saturday, 26 October 2019 05:01 AM

සහරාන්ලා වෙන්න ඇති සීඅයිඩී එකේ අයට පඩි ගෙවන්නේ...!

:       114       115

Gamarala Saturday, 26 October 2019 05:41 AM

ගෝඨාභයත් ඔය කියන හාදයා එක්ක ෆොටෝ අරන් තියෙනවා. එතකොට ඔය කියන මහත්තයත් හවුල් ඇති ඕකට. ඔය කියන මව්ලවිවරයා මහින්ද මහත්තයට සහයෝගය දුන්නා කියලා කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්...

:       637       636

SriLankan Saturday, 26 October 2019 06:42 AM

කොහෙද යන්නේ? මල්ලේ පොල්, පුහුල් හොරා කරෙන් දැනේ...

:       179       219

BamunuarachchiSaturday, 26 October 2019 07:33 AM

ගෝඨාභයට බනින අය ඒ අයගේ නම දාන්න පණ බයයි.

:       89       157

Prabha Saturday, 26 October 2019 08:50 AM

බමුණු, දැන් ගොඩක් අය මෙකේ අමුතු නම්වලින් ලියනවා. නමුත් හරිහමන් නමක් නැහැ.

:       0       119

senaSaturday, 26 October 2019 09:46 AM

බය සාධාරණයි.

:       74       62

වෑන් බමුනාSaturday, 26 October 2019 10:08 AM

තමුන් කියන දෙයින් ඔප්පු වෙන්නේ සුදු වෑන් අයිතිකාරයා කියලනේ...

:       37       60

BamunuarachchiSaturday, 26 October 2019 01:14 PM

අපි සුදුවෑන්වලට බයත් නැහැ ටයර් සැයවල් වලට බයත් නැහැ. පුතානෝ කියනවා පියානෝ කරපු වැඩ එහෙම්මම කරනවා කියලා. අනේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ 60000. හැබැයි හම්බ කොල්ලන්ට අත තියන්න බය වුණානේද හූ හූ... තමන්ගේ ඔලුවේ අසූචි තියාගෙන ඉස්සා වගේ මන් සුදනා කියන්න ඕනේ නැහැ නේද?

:       234       228

සුනිල් චන්ද්‍රකුමාර Sunday, 27 October 2019 09:38 AM

පැමිණිලිකරු මෙලෙස තාඩන පීඩනයට ලක් කිරීම යුක්තිය පසිඳලීමද? හකීම්ගෙන් කිසිඳු ආකාරයක ප්‍රශ්නකිරීමක් කළ බව අපට දැනගන්න නැහැ. සහරාන් සමග ඡායරූපයකට පෙනී සිටීම සහ සීඩී තැටියක් ළඟ තබා ගැනීම නිසා මාස ගණන් රිමාන්ඩ් කරන ලද තරුණයින්ට සහ හකීම්ගේ භූමිකාව වෙනස් වන්නේ කුමන ආකාරයකටද? වහාම හකීම් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතුයි. නීතිය හැමටම එකසේ ක්‍රියාත්මක වියයුතු බව අවධාරණය කරමු...

:       0       82

Nishan Sunday, 27 October 2019 09:49 AM

බැසිල්ගේ යාලුවෙක්ද කියලා හොයලා බලන්න ඕනේ...?

:       117       40

sharm warn Monday, 28 October 2019 05:37 AM

කොහොමත් තව ටික කාලෙකින් ලස්සනට කියාවි පල්ලි වල බෝම්බ පිපුරුවේ කතෝලිකයෝ, හෝටල් වල බෝම්බ පිපුරුවේ හෝටලේ කළමනාකරණය විසින් රක්ෂණ වන්දි බලාපොරොත්තුවෙන්. ඔන්න ඔය වගේ දේවල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28430 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10931 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site