IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තියෙනවා - ඛනිජ තෙල් සභාපති

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉදිරි මාසයක් සඳහා ඉන්ධන සංචිතයක් රට තුළ ඇති බවත් ඉදිරි මාස කීපයක සඳහා ඉන්ධන මිලදී ගැනීමට විදේශ සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ගබඩා පහසුකම්වල ධාරිතාවට ඉන්ධන සංචිතය පවත්වා ගැනීම සාමාන්‍ය තත්වය බවත් නිරෝධායන ඇඳිරිනීතියත් සමඟ ඉන්ධන පරිභෝජනය පහත වැටීම නිසා රට තුළ තිබෙන ඉන්ධන ප්‍රමාණය තවත් වැඩි විය හැකි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කීය.

රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බව සඳහන් කළ සුමිත් විජේසිංහ මහතා ඉදිරියේදී ද එවැන්නක් උද්ගත නොවන බව ද සඳහන් කළේය.

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනීමට සූදානම් වන බවට පළවන මාධ්‍ය වාර්තා සමගින් ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි ජනතාව තුළ නැවතත් බියක් නිර්මාණය වී තිබේ.

 



අදහස් (7)

මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තියෙනවා - ඛනිජ තෙල් සභාපති

jagath Sunday, 26 September 2021 04:56 PM

අනේ මන්දා

:       1       10

fairoos Sunday, 26 September 2021 06:01 PM

ඒකත් බලන්න පුළුවන් තව මාසයකින්.

:       1       9

Don perera Sunday, 26 September 2021 08:22 PM

69 ට තව පව් ගෙවන්න තියනවා

:       0       2

Demuni Uduwara Monday, 27 September 2021 05:38 AM

මසකින් පස්සේ මොකද කරන්නේ.?

:       0       1

ගජමිතුරුMonday, 27 September 2021 10:50 AM

සභාපති කියන්නෙ තියෙන ඉන්ධන රටට හොදටම ඇති කියලාද

:       0       1

Sunil Monday, 27 September 2021 05:45 AM

ගෑස්, කිරිපිටි සහ සහල් ගැන කිව්වෙත් ඔය ටික තමයි. තව ටික දවසකින් බලාගන්න පුළුවනි කෙරුවාව.

:       0       2

සුදන්ත Monday, 27 September 2021 06:02 AM

ඇත්තමයි පුදුම කලකිරීමක් තියෙන්නේ මේ මිනිස්සුන්ට ඡන්දෙ දීපු එක ගැන. සජිත් වගේ කෙනෙක්ට දෙන්න බැරි නිසයි ඒකත් දුන්නේ. මෙහෙම ගිහින් ජලසම්පාදන මණ්ඩලෙත් විදේශ ණයක් ගනී වතුර දෙන්න කියලා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site