(අජන්ත කුමාර අගලකඩ)
මෙවර අයවැයෙන් රජයේ බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ට දැනුම් දී ඇත.
අයවැය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත. දේශීය නිෂ්පාදකයා දිරිගන්වන සහ දුප්පත් ජනතාව මත බර නොදමන බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත .
COMMENTS
වෙනත් ආදායම් මාර්ගයක්ද නැති, ස්ථාවර තැන්පත් කරුවන්ගේ බැංකු පොළිය ඉතා අවම වීමෙන්, ඔවුන් කබලෙන් ළිපට වැටී ඇත... ඔවුන් ගැනත් සිතන්න...
මේ පාර ඕක ඉදිරිපත් කරන්නේ බැසිල් නේද?
අාදායම් මට්ටම් අනුව බදු වැඩිවන පරිදි අධික අදායම් ලබන අයවරුන්ට වැඩි බදු ප්‍රතිශතත්, අඩු අාදායම් ලබන අයට අඩු බඩු ප්‍රතිශතත් පැනවීම සුදුසුයි. සැම දෙනාටම එකම ප්‍රතිශත අය කිරීම අඩු අදායම් ලබන අයට අවාසියකි. මාසිකව ලක්ෂ 3ක් විතර උපයන කෙනෙක්ගෙන් මසකට රුපියල් 50000ක් ගත්තත් ඔහුට එතරම් දැනෙන්නේ නැත....
දේශීය නිෂ්පාදකයෝ දිරිමත් කරනවා කියලා ඒ අයට පමණක් වැසි වන විදිහට වැඩ කරන්න එපා නිෂ්පාදකයෝ පමණක් නොවේ රටේ පාරිභෝගික අප ගැනත් සිතන්න.
ඔය ටික හැම අයවැයකට පෙරම මතුරන මන්ත්‍රණයනේ? අන්තිමේදී නටපු නැටුමකුත් නැහැ, බේරේ පලුවකුත් නැහැ කීවා වගේ තමයි.
පවුලේ ආණ්ඩුව වැඩිම හරියක් බෙදාගනී. කෑම මිල අඩුකරයි. වෙන මොනවද?
දීපු බදු සහන නැතිකරලා ආන්ඩුව ඉවරම කරගන්න හදන්නෙ.
ජනාධිපතිතුමා කලින් තිබුන අදායම් බදු සීමාව වසරකට 450,000 සිට 3,000,000 දක්වා වැඩි කළා. බැසිල් ලොක්ක ඕක 300,000 ට ගේනවා. බලාගෙන හිටපල්ලා.
මෙතුමා අපේ ආර්ථිකේ ගොඩ දානවා දානවාමයි
දැලට කූනිස්සෝ, හාල්මැස්සෝ, හුරුල්ලෝ, සාලයෝ අහුවුණත් මෝරු හා තල්මසුන් අහුවෙන්න බැහැ නේද? මේ අයවැයත් එහෙම වේවි...!