(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් අතර උද්ගත වූ උණුසුම් තත්වයක් හේතුවෙන් අද(17) එහි විශේෂ සභා කටයුතු පැය භාගයකට සීමා කිරීමට සභාපති එක්සත් ජාතික පක්ෂයේ අනුර චන්දන ජයවන්දල මහතා කටයුතු කළේය.
විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සභාපතිවරයාගෙන් විශේෂ සභාවක් කැඳවන ලෙස ඉල්ලා තිබුණු යෝජනාවකට අනුව මෙම විශේෂ සභාව කැඳවා තිබුණි. ඒ අනුව මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මාවනැල්ල ප‍්‍රාදේශීය සභාව අද උදෑසන 10.00 ට ආරම්භ විය.
විපක්ෂය විශේෂ සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවලට බාහිරව සභාපතිවරයා විසින් එදින න්‍යාය පත‍්‍රයට වෙනත් යෝජනා ඉදිරිපත් කර ඇති බව පවසා විපක්ෂයේ මන්ත‍්‍රීවරු සිය විරෝධතාවය පළ කළහ.
අසුන්වලින් නැගිට විපක්ෂයේ මන්ත‍්‍රීවරු සභාපතිවරයාට සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා කළහ. සිය යෝජනා නොමැතිව සභාව පවත්වාගෙන යෑමට නීතිමය හැකියාවක් සභාපතිවරයාට නොහැකි බව පවසමින් විපක්ෂ මන්ත‍්‍රීවරු එදින විපක්ෂය බෙදීමක් ඉල්ලා සිටියහ. නමුත් ඊට සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් විරුද්ධවීම හේතුවෙන් මෙම තත්වය උදාවිය.
විපක්ෂයේ මන්ත‍්‍රීවරු සිය න්‍යාය පත‍්‍රය සභාපති දෙසට විසි කර දමා සභාවේ මේස පෙරළා දැමූහ.
ඒ අනුව සභාපතිවරයා සභාව විනාඩි 10 කට කල් දැමුවේය. පසුව සභාව නැවත ආරම්භ කළද, සභාවේ උණුසුම් තත්වය එලෙසම පැවැතීම හේතුවෙන් සභාව විනාඩි කිහිපයකට අත්හිටුවීමට සභාපතිවරයා තීරණය කළේය.
මේ වන තෙක් පැවැති සභාවාර කිහිපයකදීම මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර උණුසුම් තත්වයන් හට ගත් අතර ජූලි 9 වැනිදා ද මෙම ප්‍රාදේශීය සභාවේ ඇති වූ තත්වය සමනය කිරීමට මාවනැල්ල පොලිසිය කැඳවීමට සභාපතිවරයාට සිදුවිය.
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මාවනැල්ල ප්‍රා. සබේ ගාලගෝට්ටියක්
KC R Wednesday, 17 July 2019 07:49 AM
මේ මිනිස්සුනේ අපව පාලනය කරන්නේ... කිසිම සංයමයක් නෑ.
Dayan Wednesday, 17 July 2019 07:59 AM
මෙහෙම මිනිස්සු තෝරලා යවලා රට දියුණුවෙයි කියලා අපි බලා ඉන්නවා. ඡන්දය දෙන මිනිහා දියුණු වෙනකල් මේක මෙහෙම්ම තමයි.
Anura Wednesday, 17 July 2019 08:30 AM
සත්තුන් මීට වඩා ශිලාචාරයි