( අශෝක  තිලකරත්න  ) 
 
මවගේ අධික රුධිර පීඩන රෝගී තත්ත්වයට ප්‍රතිකාර සඳහා ගෙනවිත්  තිබූ බෙහෙත් පෙති  වැරදීමකින් සපා කෑ    කුඩා දරුවෙකු   මරණයට පත්වී ඇතැයි හම්බන්තොට  පොලිසිය පවසයි.
 
 එසේ මියගොස්  ඇත්තේ හම්බන්තොට සාමෝදාගම පදිංචි මිලාන් අභිෂේක්  නැමති  අවුරුදු එකයි මාස එකක් වයසැති දරුවෙකි.  
 
ඔහුගේ  මරණය සම්බන්ධ හදිසි  මරණ පරික්ෂණය අද (09දා) පෙරවරුවේ බස්නාහිර වළකඩ   හදිසි මරණ පරික්ෂක ඒ.වෙත්තසිංහ  මහතා විසින් පවත්වන ලද  අතර පශ්චාත් මරණ පරික්ෂණය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච් ඩබ්ලිව්.ආර්. සංජය මහතා විසින් සිදු කරන ලදී. 
 
හම්බන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර   පරික්ෂණ පවත්වයි.