(කේෂර ගුණතිලක)
බිබිල-බදුල්ල ගම්මන ප්‍රදේශයේ පදිංචි මවක් ඊයේ (21) රාත්‍රී සිය තුන් හැවිරිදි දියණියද සමඟ ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇතැයි බිබිල පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ බදුල්ලගම්මන බෙරලියවත්ත පදිංචි 24 හැවිරිදි ඩී.එම් නදීකා ප්‍රියදර්ශනී නමැති මව සහ ටී.නෙත්සා දෙව්මිනී නැමති දැරියකි.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම කාන්තාව සිය දියණිය සමඟ නිවස අසල පිහිටි අඩි 40ක් පමණ ගැඹුරු ළිඳට පැන ඇත.මව සහ දියණිය ළිඳ තුළ මියගොස් සිටිනු දැක ඥාතීන් විසින් බිබිල පොලීසියට දැනුම්දී ඇත.
මියගිය කාන්තාවගේ සැමියා යුද හමුදා සෙබලෙකු බවට අනාවරණයවී තිබේ.
මෙම මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය බිබිල මහේස්ත්‍රාත් චතුර ප්‍රසන්න අමරතුංග මහතා විසින් අද (22) පැවැත්වීමට නියමිතය.
COMMENTS
හරිම දුකයි, බෞද්ධයින් සෑහෙන පිරිහිලා...
අනේ පව්.. දෙමව්පියන්ගේ වරදින් අහිංසක ළමයින්ගේ ජීවිත විනාශ වෙනවා.
ස්වාමීන් වහන්සේලා දේශපාලනයට යොමුවෙලා නිසා ජනතාවට ආවේගය පාලනය කරගැනීමට දහම් දේශනා කරන්නේ නැතිව දේශපාලනය කරනවා. මෙම අහිංසකයන්ගේ ප්‍රශ්නය විසඳීමට ගමේ වැඩිහිටියන් යොදවා තිබුණේ නැතිද? වැරැද්ද කා අතද?
ඉතාමත්ම අනුවේදනීය පුවතක්. මෙසේ මියගිය ඒ රත්තරං දු පැටියාගේ වීඩියෝ දසුනක් දැකීමෙන් අප හට ඇතිවුනේ මහත් සංවේගයකි. "සියලු අඬදබර බත්හැලිය ඉදෙන තුරු විතරයි" යන පැරණි කියමන කණපිට හැරී ඇති බව කණගාටුවෙන් සඳහන් කරන්නෙමු...
ඉතාමත් කණගාටුදායක දුක්මුසු පුවතක්. අහිංසක දියණිය ගැන බොහෝම දුකයි.