( ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28) දින කටුනායක ගුවන් තොටුපළේ සිට මාලේ , ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.
ඒ අනුව අද දින දහවල් 11.41 ට මාලදිවයින , මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය , ගුවන් මගීන් 120 ක් කටුනායක ගුවන් තොටුපළ රැගෙන පැමිණියේය.
මෙසේ රැගෙන පැමිණි සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තොටුපළ තුළ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජහරණය කිරීමට ලක් කෙරුණි.
ඉන් පසුව දහවල් 1.31 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන විශේෂ ගුවන් යානය මගින් ගුවන් මගීන් 107 දෙනෙකු එංගලන්තයේ , ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත රැගෙන ගියහ.
මෙම ගුවන් මගීන් අතර මාලේ සිට පැමිණි ගුවන් මගීන් මෙන්ම , ශ්‍රී ලංකාවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීහු ද වූහ .
පසුව අද 28 දින රාත්‍රී 6.14 ට මාලේ සහ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් 62 ක් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
මෙම ගුවන් යානා දෙක හෙට 29 දින එංගලන්තයේ ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළෙන් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළෙන් එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතය .
මේ අතර අද 28 දින රාත්‍රී 11.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය බෙලරෑස් රාජ්‍යයේ මින්ස්ක් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 278 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලේ-ලන්ඩන්-මෙල්බන් වලට ශ්‍රීලන්කන් සීමිත ගුවන් ගමන් අරඹයි
Nandalal DE SILVA - France Thursday, 28 May 2020 06:19 PM
දහවල් 11.41, දහවල් 1.31, රාත්‍රී 6.14... මේ වගේ සුබනැකත් වේලාවල් හදලා ගුවන් යානා උඩ යවන්න තීරණය කලේ රාජපක්ෂ ආණ්ඩුවද කියල මගේ ආච්චි අහනවා..! එහෙම නැත්නම් කේන්දර බලා නැකත් හදන ගාල්ලේ සුමනදාස ගුරුන්නාන්සේද කියලා සීය හිතනවා... කොහොම වුණත් ටාර්මැක් එකේ වේලෙන යානා සුළුවෙන් හෝ අහසට යවන එක නම් අගේ කළයුතු වෙනවා !!!
Kamal Friday, 29 May 2020 02:34 AM
ඒවාට අරින්න පුළුවන්, මැදපෙරදිග ඉන්න මිනිස්සුන්ට ඕනේ නැහැ.. එහෙ වැඩියෙන් ඉන්නේ අසරණ මිනිසුන්නේ,.. ලන්ඩන්වලින් කොරෝනා ගේන්නද යන්නේ? පාඩු නොලබා තියෙයිද?