(ඉන්දිකා රාමනායක)
මාලි රාජ්‍යයේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද හමුදා සාමාජිකයින් 243 දෙනෙකු සමන්විත යුද හමුදා නව සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය (Combat Convoy Company) මෙම මස 12, 13 යන දිනයන් හි බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
මාලි රාජ්‍යයේ දැනට සාමසාධක රාජකාරීවල නිරතව සිටින යුද හමුදා සාමාජිකයින් 196 දෙනෙකුගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය එළඹෙන (14) වැනිදා මව්බිම බලා නැවත පැමිණීමට නියමිතව ඇති බව හමුදාව පවසයි.
යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයට රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 අයත් වන අතර මෙම කණ්ඩායම අද (06) කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමූහ.
එහිදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආචාර පෙළපාලිය පරීක්ෂා කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.







2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලි යන්න තවත් හමුදා සාමාජිකයන් 243 ක් සුදානමින්